
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), සිය 2025 වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටතම කාර්යසාධනයක් පෙන්නුම් කරනු ලැබූ අලෙවි වෘත්තිකයන්ට ඇගයීම් සම්මාන ප්‍රදානය කළේය. ‘‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී ඉකුත්දා පැවැත්විණි.
දිවයින පුරා විසිරී සිටින අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ විශිෂ්ට දක්ෂතා දැක්වූ වෘත්තිකයන් මෙම සම්මාන උළෙල සඳහා සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ ජයග්‍රහණ, අඛණ්ඩ විශිෂ්ටත්වය සහ කැපවීම විශේෂ ඇගයීමකට ලක් විය. පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින්, වසරක් පුරා දැක්වූ ශක්තිමත් කාර්යසාධනය සහ කැපවීම වෙනුවෙන් අලෙවි ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර, එම සාමූහික ජයග්‍රහණ ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙසSLIC General තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනු ලබයි.
මෙවර සම්මාන උළෙල සඳහා 700කට අධික ආරාධිත පිරිසක් සහභාගී වූ අතර, එය මෙතෙක් පැවති සම්මාන උත්සව අතරින් වාර්තාගත ඉහළම සහභාගීත්වයක් සහිත විය. එමෙන්ම, මෙවර සම්මාන උළෙලේදී පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වැඩි ජයග්‍රාහකයන් පිරිසක් ඇගයීමට ලක් වීම විශේෂත්වයක් වූ අතර, සමාගමේ සෑම මට්ටමකම විශිෂ්ටත්වය පෙන්නුම් කෙරෙන පරිදි විවිධ සම්මාන කාණ්ඩ යටතේ මෙම ජයග්‍රහණ ඇගයීමට ලක් විය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන්හි සභාපති නුසිත් කුමාරතුංග මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක් වූ අතර, SLIC General හි අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
මෙවර සම්මාන උළෙලේදී රක්ෂණ උපදේශකවරුන්, අලෙවි විධායක නිලධාරීන්, ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ප්‍රධාන කාර්යාලයේ අලෙවි අංශයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්, විවිධ කාණ්ඩ යටතේ දැක්වූ සුවිශේෂී දක්ෂතා හා ජයග්‍රහණ වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd