AI Academy  සහ බර්ලින් හි පිහිටි Tomorrow University of Applied Sciences  අතර ඇති කරගත් නව පෞද්ගලික-රාජ්‍ය සබඳතාව ඔස්සේ  ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට කොළඹ සිටම ප්‍රායෝගික රැකියා පළපුරුද්ද ලබන අතරතුර ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
මේ යටතේ Tomorrow University  මගින් පිරිනමන “BSc in Applied AI”  (ප්‍රායෝගිකAI  පිළිබඳ විද්‍යාපති) සහ “MBA in AI & Technological Transformation”  යන උපාධි පාඨමාලා දෙක AI Academy  හි දේශීය ඉන්කියුබේටර් ආකෘතිය හරහා පිරිනැමෙනු ඇත. 
අධ්‍යාපනය සහ රැකියාව වෙනස් අදියර දෙකක් ලෙස සැලකීම වෙනුවට,AI Academy  සිසුන් සිය අධ්‍යයන කටයුතු ආරම්භයේ සිටම දේශීය හා ජාත්‍යන්තර සමාගම් සඳහා වැටුප් සහිත සැබෑ ව්‍යාපෘතිවල නිරත වනු ඇත. එමගින් පූර්ණ විශ්වවිද්‍යාල උපාධියක් හදාරන අතරතුර ප්‍රායෝගික පළපුරුද්ද, ව්‍යාපාරික අභියෝග සඳහා විසඳුම් සෙවීම සහ ශක්තිමත් කළඹක් ගොඩනගා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ.
මෙමගින් ලාංකික සිසුන්ට විදේශගත නොවී ජර්මානු උසස් අධ්‍යාපන උපාධියක් ලබා ගත හැක. ජර්මනියේ හෙසේ ප්‍රාන්තය යටතේ රාජ්‍ය අනුමැතිය ලත් පෞද්ගලික ආයතනයක් වන Tomorrow University හි MBA  පාඨමාලා ACQUIN  හරහා ජර්මානු පිළිගැනීමේ කවුන්සිලය මගින්ද, උපාධි පාඨමාලා FIBAA  මගින්ද ප්‍රමිතියෙන් සහ ජාත්‍යන්තරව පිළිගෙන ඇත.
Tomorrow University හි MBA  පාඨමාලාව ව්‍යාපාරික නායකත්වය සහ තාක්ෂණික හැකියාව එක් කිරීමට බලාපොරොත්තු වන වෘත්තිකයන් සඳහා විශේෂයෙන් සකසා ඇති අතර, BSc in Applied AI  පාඨමාලාව ප්‍රායෝගික ඉගෙනුම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම පාඨමාලා දෙකම විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික දැනුම යෙදවීම සහ අභියෝග පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමවේදයට සහාය දක්වයි.
AI Academy  හි නිර්මාතෘ ලින්ඩා ස්පෙල්ඩෙවින්ඬේ මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “AOD හිදී අපි නිර්මාණකරණය ඉගැන්වීම විතරක් නෙවෙයි කළේ, අපි ලාංකික නිර්මාණකරුවන් ලෝකයට යැව්වා. අද වෙනකොට ලෝකයේ හොඳම නිර්මාණ පාසල්වල උපාධිධාරීන් එක්ක කරට කර සිටිමින් ජාත්‍යන්තරව තමන්ගේම නමක් දිනාගන්න ඔවුන්ට හැකිවෙලා තියෙනවා. ඒ දේ සිද්ධ වුණේ අපි නිර්මාණ අධ්‍යාපනයට වෙනස් විදිහකට ප්‍රවේශ වුණු නිසයි. පළමු දිනයේ සිටම සැබෑ වැඩ, සැබෑ සේවාදායකයන්, සහ සැබෑ අභියෝග මත පදනම් වෙමින්.AI Academy  ගොඩනගලා තියෙන්නෙත් ඒ සමාන විශ්වාසය මතයි. දැන් එය සෑම කර්මාන්තයක්ම පරිවර්තනය කරන ක්ෂේත්‍රයකට යොදවා තිබෙනවා. සිසුන්ට ඉපැයීම, ඉගෙනීම සහ තමන්ගේම දෙයක් නිර්මාණය කිරීම අතරින් එකක් තෝරා ගැනීමට සිදු නොවිය යුතුයි. කොළඹ සිටම ඒ තුනම කිරීමට ඔවුන්ට හැකි විය යුතුයි.”‍
තාක්ෂණය, ඇඟලු‍ම්, තේ, සංචාරක, ලොජිස්ටික්ස් සහ රාජ්‍ය අංශය වැනි කර්මාන්තවල ඇති අභියෝග සහ රැකියා පුහුණුවීම් හරහා මෙම වැඩ කරමින් ඉගෙනීමේ ක්‍රමය සිසුන් කර්මාන්ත ක්ෂේත්‍රය සමග සමීප සබඳතාවකට පත් කරයි. සිසුන් සහ මහාචාර්යවරුන් සමග එකතු වී නිර්මාණය කරන ලදAI  ව්‍යාපාර සඳහා හවුල්කාර සමාගම්වලට මුලින්ම ප්‍රවේශ වීමට ඉඩ සැලසීම AI Academy  හි පවතින ආකෘතියේ පදනම වන අතර, එය සිසුන්ගේ අධ්‍යාපනය පුරාම සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙයි.
මෙම ආකෘතිය පාසල් හැරගිය සිසුන්ට සහ ඔවුන්ගේ මවුපියන්ට විදේශගතව ඉගෙනීම සහ සම්ප්‍රදායික දේශීය උපාධියක් ලබා ගැනීම අතර සාමාන්‍යයෙන් මුහුණ දෙන තේරීමට හොඳ විකල්පයක් සපයයි.