IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


බැංකුවලින් දරුවන්ට මැටි කැට - කාර්යාලවලට මැටි බෝතල්

(ඩයනා උදයංගනී)

කුඩා දරුවන්ට ඉතිරි කිරීම හුරුකිරීම වෙනුවෙන් බැංකුවලින් ලබාදෙන ප්ලාස්ටික් කැට වෙනුවට ඉදිරියේදී මැටි කැට ලබාදීමට පියවර ගෙන ඇතැයි වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලංකාදීපයට පැවසීය.


එක්තරා බැංකුවකට ප්ලාස්ටික් කැට ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා පළ කර තිබූ දැන්වීමක් දැක තමන් බැංකු ප්‍රධානීන් අමතා කළ ඉල්ලීමකට අනුව බැංකු කිහිපයක්ම මේ වන විට එයට එකඟ වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කළේය.

ඉදිරියේදී තම බැංකුව මගින් ලබාදෙන්නේ මැටි කැට බවට මහජන බැංකුව දැනටමත් ප්‍රකාශ කර ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ලංකා බැංකුව හා පෞද්ගලික බැංකු කිහිපයක් ද මෙයට එකඟ වී ඇති බව කීවේය.

මීට අමතරව කාර්යාලවල , රථවාහනවල මෙන්ම නිවෙස්වල මේස මත පවා ජලය බීමට ගැනීමට ගබඩා කර තබා ගැනීමට භාවිතා කරන හිස් මධ්‍යසාර බෝතල් හා ප්ලාස්ටික් බෝතල් වෙනුවට භාවිතා කළ හැකි අලංකාර, හුරුබුහුටි හා පහසුවෙන් රැගෙන යා හැකි මැටි බෝතලයක් මේ වන විටත් නිෂ්පාදනය කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියෙන් කළ යෝජනාවකට අනුව මෙම පියවර ගන්නා බව ද රණවීර මහතා කීවේය.
මැටි බඳුන් වල ජලය ගබඩා කර තබා ගැනීම කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ට හුරු පුරුදු කටයුත්තක් බවත් එමගින් නැවුම් රසක් සහිත ජලය නිරන්තරයෙන් පානය කිරීමට ඉඩ ලැබෙන බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම පන්සල්වල ප්ලාස්ටික් පැදුරු වෙනුවට පන් පැදුරු, ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට දේශීය පරිසර හිතකාමී අමුද්‍රව්‍යවලින් නිපදවන මල්වට්ටි, බෝධිය නෑවීම උදෙසා භාවිතා කරන ප්ලාස්ටික් කළගෙඩි වෙනුවට මැටි කළ ලබාදීමට ද පියවර ගෙන ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.

දරුවන්ට කුඩා කල සිටම දේශීය හා පරිසර හිතකාමී දේ භාවිතය හුරු කළ යුතු බව කී ඇමතිවරයා මැටි කැට ලබාදීමෙන් එම හුරුව ඇතිවනු ඇතැයි ද කීවේය.

මෙවැනි පියවර තුළින් දේශීය කර්මාන්තකරුවාගේ ආදායම් ඉහළ නැංවීමට හැකි බව කී රාජ්‍ය ඇමතිවරයා එමගින් පරිසරයද ආරක්‍ෂා වන බව පැවසීය.

 



අදහස් (19)

බැංකුවලින් දරුවන්ට මැටි කැට - කාර්යාලවලට මැටි බෝතල්

මංගල Monday, 24 August 2020 03:51 PM

අඩුගානෙ ඕවා කැඩිලා විසිකළාම පසට දිරලා යනවා, පරිසරයට හානියක් නැහැ. නිකන් හිතන්න ප්ලාස්ටික් කැට 100000ක් විසිකලාම වෙන පරිසර හානිය.

:       0       46

gagana Monday, 24 August 2020 03:57 PM

එතකොට මැටි මෝලක් විතරයි අඩු. ආ ...ඉන්නවා නේ

:       111       4

විජේ Thursday, 27 August 2020 04:41 AM

මමත් අද ඊයෙ වෙනකම්ම ප්‍රසන්න මන්ත්‍රීතුමාව ඉතාම පහත් විදිහට අවමානයට ලක්කළා, මිරිස්කුඩු ප්‍රසන්න වගේ නම් කිව්වා. නිගමනයකට එන්න තාම ගොඩාක් ඉක්මන් වැඩී, ඒක කරන්න වෙන්නේ ඊළඟ රජයේදී ඔහුට එල්ලවන චෝදනාත් එක්කයි. ඒත් අද වෙද්දී මගේ තිබුණු අපැහැදිලි බව යම් දුරකට අඩුකරලා දාන්න ප්‍රසන්න සමත්වෙලා කිව්වොත් හරි. ඔහු අවංකවම යම් වෙනසක් කරන්න හදන බවක් දැනට පේන්න තියනවා. බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා...

:       14       6

puppa Tuesday, 25 August 2020 01:09 AM

කට පැත්තක තියලා වැඩ කරලා පත්තරේ දාගන්න. නැත්නම් බොරු ටෝක් විතරයි.

:       4       32

gamini Tuesday, 25 August 2020 03:47 AM

නියමයිනේ...

:       0       43

සමාජවාදී නූතන තරුණ බලවේගයTuesday, 25 August 2020 06:59 AM

මැටි කැට, මැටි බෝතල් විතරයි දැන් මේ රටට අඩු.. මෙරට කලුගල් සම්පත මුහුද පුරවලා විනාශ කළා. දැන් රටේ මැටි ටිකත් විනාශ කරන්නයි යන්නේ. හොඳට තිබ්බ රටක් දැන් වැටිච්ච තැනක්...!

:       322       26

lalith Tuesday, 25 August 2020 04:17 AM

එතුමාගේ මෙම අදහස් සහ නිවැරදි දැක්ම මම ඉතාමත් අගය කරමි.

:       2       188

නිර්මාණි Tuesday, 25 August 2020 04:50 AM

ඉතා හොඳ චින්තන රටාව.

:       54       183

Hema Tuesday, 25 August 2020 06:26 AM

හොඳ අදහසක් මහත්මයා. නමුත් මෙවැනි තීරණයක් ගැනීමට අපට අමාත්‍යාංශයක් හා ඇමතිවරයෙක් අවශ්‍යද? අමාත්‍යාංශයක් (ගොඩනැගිලි වාහන කාර්ය මණ්ඩලය) සහ ඇමතිවරයෙකු නඩත්තු කිරීමේ පිරිවැය කොපමණද?

:       361       469

සමාජවාදී නූතන තරුණ බලවේගය Tuesday, 25 August 2020 06:56 AM

රටේම කළුගල් ගෙනල්ලා මුහුද ගොඩකරලා වැලි පිට්ටනියක් හැදුවා. දැන් රටේම මැටි එකතු කරලා පුච්චලා එකඑක එව්වා හදලා රටේ මැටි සම්පතත් විනශ කරන්නයි යන්නේ...

:       141       19

kap Tuesday, 25 August 2020 08:08 AM

ළඟදීම ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ උද්ඝෝෂණයක්, ලිප්ටන් වට රවුමේ සහ කොටුව ස්ටේෂම ඉදිරිපිට බලාපොරොත්තු වන්න...

:       0       12

jagath Tuesday, 25 August 2020 01:02 PM

මෙයා කොහොමත් මැටිවැඩ කරන නිසා මෙයාට මිරිස් කුඩු වගේ අමාත්‍යාංශයක් ලබා දුන්නොත් තමයි හොඳ..

:       4       105

Binkunndaa Tuesday, 25 August 2020 08:45 PM

මිරිස්කුඩු වෙළෙඳපොළට එන්නේ කවදාද.?

:       2       1

chutta Tuesday, 25 August 2020 10:01 PM

මැටි මොළ හදන්න, ලොකු මාර්කෙට් එකක් තියෙනවා.

:       1       7

rihan Wednesday, 26 August 2020 08:18 AM

ජනාධිපතිතුමා බලලයි අමාත්‍ය ධුරය දීලා තියෙන්නේ...

:       1       7

මෝ Thursday, 27 August 2020 09:31 AM

අපහාස කරන්න එපා. මෙතුමගේ මේ අදහස් ටික ඉතාම වටිනවා. අපි කවදාව්ත් ඔය දේවල් හිතුවේ නෑ. මේ විදියට මැටි භාණ්ඩ භාවිතය පරිසර හිතකාමි සහ ප්ලාස්ටික් භාවිතය අඩුකරනවා. අනික ඒ කර්මාන්තකරුවන්ට රැකියා අවස්ථාත් වැඩිවෙනවා. ජනතාව ශක්තිමත් කිරීමයි වැදගත්... මෙතුමාට අපහාස කළාට ඉතා හොඳින් අවට බලා තීරණ ගන්නවා. ඔහු බුද්ධිමතෙක්...

:       11       3

Jayawardana Thursday, 27 August 2020 12:32 PM

එක පාරටම ඉවත් කරන්නේ නැතුව ප්ලාස්ටික් ඉවත් කරන ප්‍රමාණයට (ප්‍රතිශතයට) ආදේශක නිපදවමින් දේශීය දේවල් රිප්ලේස් කරොත් හොඳයි. නැත්නම් රැකියා විරහිත ප්‍රශ්නය එනවා. එක පාරටම නැතුව ක්‍රමයෙන් කරන්න. නැත්නම් සිරිමාවෝ මැතිණියට. වුණු දේ වෙන්නේ. ලබා දුන් ජයග්‍රහණය ආරක්ෂා කරන්න. ආනයනය නවත්තපු ගමන් ඊට අදාළ පසුවිපරම කරන්න රැකියා ගැන. විසඳුම් දෙන්න කඩිනමින්. නැත්නම් ආණ්‌ඩුව එපාවෙයි ඉක්මණට. හොඳ දේ අගය කරනවා.

:       0       1

uditha Thursday, 27 August 2020 03:30 PM

අපි මේ මැටිවලෙන් ගොඩවෙලා, අපේ රට මේ ගල්යුගයෙන් බේරගෙන අලුත් රටක් වශයෙන් ඉදිරියට යා යුතුයි.. කල්පනා කරන්න.

:       0       0

nihal Friday, 28 August 2020 11:33 PM

ඔළුවලට මැටි මොළ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 56 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 42 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 20 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 44 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 490 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1357 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 349 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site