
(ඩයනා උදයංගනී)
කුඩා දරුවන්ට ඉතිරි කිරීම හුරුකිරීම වෙනුවෙන් බැංකුවලින් ලබාදෙන ප්ලාස්ටික් කැට වෙනුවට ඉදිරියේදී මැටි කැට ලබාදීමට පියවර ගෙන ඇතැයි වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලංකාදීපයට පැවසීය.
එක්තරා බැංකුවකට ප්ලාස්ටික් කැට ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා පළ කර තිබූ දැන්වීමක් දැක තමන් බැංකු ප්‍රධානීන් අමතා කළ ඉල්ලීමකට අනුව බැංකු කිහිපයක්ම මේ වන විට එයට එකඟ වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කළේය.
ඉදිරියේදී තම බැංකුව මගින් ලබාදෙන්නේ මැටි කැට බවට මහජන බැංකුව දැනටමත් ප්‍රකාශ කර ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ලංකා බැංකුව හා පෞද්ගලික බැංකු කිහිපයක් ද මෙයට එකඟ වී ඇති බව කීවේය.
මීට අමතරව කාර්යාලවල , රථවාහනවල මෙන්ම නිවෙස්වල මේස මත පවා ජලය බීමට ගැනීමට ගබඩා කර තබා ගැනීමට භාවිතා කරන හිස් මධ්‍යසාර බෝතල් හා ප්ලාස්ටික් බෝතල් වෙනුවට භාවිතා කළ හැකි අලංකාර, හුරුබුහුටි හා පහසුවෙන් රැගෙන යා හැකි මැටි බෝතලයක් මේ වන විටත් නිෂ්පාදනය කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියෙන් කළ යෝජනාවකට අනුව මෙම පියවර ගන්නා බව ද රණවීර මහතා කීවේය.
මැටි බඳුන් වල ජලය ගබඩා කර තබා ගැනීම කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ට හුරු පුරුදු කටයුත්තක් බවත් එමගින් නැවුම් රසක් සහිත ජලය නිරන්තරයෙන් පානය කිරීමට ඉඩ ලැබෙන බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම පන්සල්වල ප්ලාස්ටික් පැදුරු වෙනුවට පන් පැදුරු, ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට දේශීය පරිසර හිතකාමී අමුද්‍රව්‍යවලින් නිපදවන මල්වට්ටි, බෝධිය නෑවීම උදෙසා භාවිතා කරන ප්ලාස්ටික් කළගෙඩි වෙනුවට මැටි කළ ලබාදීමට ද පියවර ගෙන ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.
දරුවන්ට කුඩා කල සිටම දේශීය හා පරිසර හිතකාමී දේ භාවිතය හුරු කළ යුතු බව කී ඇමතිවරයා මැටි කැට ලබාදීමෙන් එම හුරුව ඇතිවනු ඇතැයි ද කීවේය.
මෙවැනි පියවර තුළින් දේශීය කර්මාන්තකරුවාගේ ආදායම් ඉහළ නැංවීමට හැකි බව කී රාජ්‍ය ඇමතිවරයා එමගින් පරිසරයද ආරක්‍ෂා වන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුගානෙ ඕවා කැඩිලා විසිකළාම පසට දිරලා යනවා, පරිසරයට හානියක් නැහැ. නිකන් හිතන්න ප්ලාස්ටික් කැට 100000ක් විසිකලාම වෙන පරිසර හානිය.
එතකොට මැටි මෝලක් විතරයි අඩු. ආ ...ඉන්නවා නේ
කට පැත්තක තියලා වැඩ කරලා පත්තරේ දාගන්න. නැත්නම් බොරු ටෝක් විතරයි.
නියමයිනේ...
එතුමාගේ මෙම අදහස් සහ නිවැරදි දැක්ම මම ඉතාමත් අගය කරමි.
ඉතා හොඳ චින්තන රටාව.
හොඳ අදහසක් මහත්මයා. නමුත් මෙවැනි තීරණයක් ගැනීමට අපට අමාත්‍යාංශයක් හා ඇමතිවරයෙක් අවශ්‍යද? අමාත්‍යාංශයක් (ගොඩනැගිලි වාහන කාර්ය මණ්ඩලය) සහ ඇමතිවරයෙකු නඩත්තු කිරීමේ පිරිවැය කොපමණද?
රටේම කළුගල් ගෙනල්ලා මුහුද ගොඩකරලා වැලි පිට්ටනියක් හැදුවා. දැන් රටේම මැටි එකතු කරලා පුච්චලා එකඑක එව්වා හදලා රටේ මැටි සම්පතත් විනශ කරන්නයි යන්නේ...
ළඟදීම ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ උද්ඝෝෂණයක්, ලිප්ටන් වට රවුමේ සහ කොටුව ස්ටේෂම ඉදිරිපිට බලාපොරොත්තු වන්න...
මෙයා කොහොමත් මැටිවැඩ කරන නිසා මෙයාට මිරිස් කුඩු වගේ අමාත්‍යාංශයක් ලබා දුන්නොත් තමයි හොඳ..
මිරිස්කුඩු වෙළෙඳපොළට එන්නේ කවදාද.?
මැටි මොළ හදන්න, ලොකු මාර්කෙට් එකක් තියෙනවා.
ජනාධිපතිතුමා බලලයි අමාත්‍ය ධුරය දීලා තියෙන්නේ...
අපහාස කරන්න එපා. මෙතුමගේ මේ අදහස් ටික ඉතාම වටිනවා. අපි කවදාව්ත් ඔය දේවල් හිතුවේ නෑ. මේ විදියට මැටි භාණ්ඩ භාවිතය පරිසර හිතකාමි සහ ප්ලාස්ටික් භාවිතය අඩුකරනවා. අනික ඒ කර්මාන්තකරුවන්ට රැකියා අවස්ථාත් වැඩිවෙනවා. ජනතාව ශක්තිමත් කිරීමයි වැදගත්... මෙතුමාට අපහාස කළාට ඉතා හොඳින් අවට බලා තීරණ ගන්නවා. ඔහු බුද්ධිමතෙක්...
එක පාරටම ඉවත් කරන්නේ නැතුව ප්ලාස්ටික් ඉවත් කරන ප්‍රමාණයට (ප්‍රතිශතයට) ආදේශක නිපදවමින් දේශීය දේවල් රිප්ලේස් කරොත් හොඳයි. නැත්නම් රැකියා විරහිත ප්‍රශ්නය එනවා. එක පාරටම නැතුව ක්‍රමයෙන් කරන්න. නැත්නම් සිරිමාවෝ මැතිණියට. වුණු දේ වෙන්නේ. ලබා දුන් ජයග්‍රහණය ආරක්ෂා කරන්න. ආනයනය නවත්තපු ගමන් ඊට අදාළ පසුවිපරම කරන්න රැකියා ගැන. විසඳුම් දෙන්න කඩිනමින්. නැත්නම් ආණ්‌ඩුව එපාවෙයි ඉක්මණට. හොඳ දේ අගය කරනවා.
අපි මේ මැටිවලෙන් ගොඩවෙලා, අපේ රට මේ ගල්යුගයෙන් බේරගෙන අලුත් රටක් වශයෙන් ඉදිරියට යා යුතුයි.. කල්පනා කරන්න.
ඔළුවලට මැටි මොළ...