ප්‍රයිම් සමූහයේ නිවාස ඒකක සංවර්ධන අංශය වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් විසින් තවත් මංසලකුණක් සනිටුහන් කර තිබේ. ඒ අනුව, ගම්පහ විශාලතම ප්‍රජා නිවාස සංකීර්ණය වන he Palace Gampaha ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට ප්‍රයිම් රෙසිඩන්සීස් සමත් වී තිබෙන අතර, එය නිල වශයෙන් භාරදීම සිදුකෙරී තිබේ. 2021 වසරේදී මෙම නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ විය. එම නිවාස නිල වශයෙන් නිවාස හිමියන් වෙත භාරදීමේ සියලු‍ කටයුතු මේ වන විට අවසන් වී ඇත.
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් පමණක් දුරින් පිහිටා තිබෙන he Palace Gampaha ප්‍රධාන නගරවලට අතේ දුරින් පිහිටමින්, මනා ආරක්ෂාවකින් යුතුව, නවීන ජීවන රටාවක් සඳහා මනා පහසුවක් සලසමින්, නිමවී තිබේ. රුපියල් මිලියන 27.5 සිට මිල ගණන් ආරම්භ වන නිදන කාමර දෙකේ සහ තුනේ නිවාස 480කින් සමන්විත මෙම ව්‍යාපෘතියෙන්, ශ්‍රී ලාංකික පවුල්වලට මනා සුවපහසුවකින් යුතුව ඉහළ මට්ටමේ ජීවන රටාවක් ගත කිරීමට ඉඩ ලබාදෙන, සැලසුම් කළ ප්‍රජාව නිර්මාණය කිරීම සඳහා වන ප්‍රයිම් රෙසිඩන්සීස් දැක්ම මෙයින් පිළිබිඹු වනු ඇත.
තවත් එක් නිවාස සංකීර්ණයක් ලෙසින් නොව, සම්පූර්ණ ජීවන රටාවකට පදනම සපයන අයුරින් නිර්මාණය කර තිබෙන he Palace Gampahaප්‍රදේශයේ පවතින වඩාත්ම ඉහළ මට්ටමේ පුළුල් පහසුකම් නිවෙස් හිමියන්ට පිරිනමයි. අක්කර 13.5 ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නිවාස ඒකක ව්‍යාපෘතිය, වෙන් කර ඇති මුළු භූමි භාගයෙන් සියයට 20 ක් තුළ පමණක් විහිදී පවතී. භූමියේ ඉතිරි සියයට 80කම ඉඩකඩ, උද්‍යාන අලංකරණයන් සහ පොදු පහසුකම් සඳහා වෙන් කර තිබේ. එහිදී, නිවාස හිමියන්ට, he Palace Gampaha පරිශ්‍රයේ මනා ලෙස අලංකරණය කළ උද්‍යාන, පිහිනුම් තටාකයක්, ශරීර සුවතා සහ ව්‍යායාම මධ්‍යස්ථානයක්, ක්ලබ් හවුස් එකක්, පුස්තකාලයක්, ප්‍රජා මුළුතැන්ගෙයක්, හුරුබුහුටි ප්‍රමාණයේ සුපිරි වෙළෙඳසලක් සහ ලයිසියම් සමූහය විසින් කළමනාකරණය කරනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඔස්සේ තම අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩ කඩ ලැබී ඇත. ඒ අනුව, නිවාස හිමියන්ට, සම්පූර්ණයෙන්ම ආරක්ෂිත පරිසරයක් තුළ සෑම අත්‍යවශ්‍ය සේවාවක් සඳහාම පහසුවෙන් ළඟා වීමට හැකියාව ලැබී තිබේ.
මෙම නිවාස සංවර්ධන ව්‍යාපෘතියට, තිරසාර යටිතල පහසුකම් මෙන්ම අනාගතයට ඔබින ඉංජිනේරු විසඳුම්ද ඇතුළත්ව තිබේ. ඒ අනුව මෙහි පොදු ප්‍රදේශ සූර්ය ශක්තියෙන් බලගැන්වෙන අතර, භූගත විදුලි කේබල් ජාලයකින් මෙන්ම, වැඩිදියුණු කළ අපජල පිරිපහදුවකින් සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු ජල ප්‍රතිචක්‍රීකරණ පහසුකම්වලින්ද මෙය සමන්විත වේ.