IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල වෙනසක් නෑ

(හර්ෂණ තුෂාර සිල්වා)

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය පොලී අනුපාත සියයට එකකින් එනම් පදනම් අංක 100කින් අඩු කිරීමට ඉකුත් ජූලි මාසයේදී පියවර ගත්තේ ය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.50ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.50ක් දක්වා අඩු කිරීමටත් එම අවස්ථාවේදී පියවර ගත්තේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19) රැස් වූ අතර බැංකු පොලී අනුපාත එම අගයවල පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ දී අවස්ථා හයකදී පොලී අනුපාතික අඩු කළ අතර පොලී අනුපාත අඩු කිරීමෙන් බැංකු ගනුදෙනුකරුවන්ට වේගයෙන් ප‍්‍රතිලාභ ලබා දීමට බැංකු වලට හැකි වනු ඇති බවත් මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ඉකුත් ජූලි මාසයේ දී පැවැසීය.

එමඟින් වාණිජ බැංකු අතර කෙරෙන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන අතර එම නිසා වඅඩු පොලියට ණය නිකුත් කිරීමට වාණිජ බැංකුවලට අවස්ථාව උදා වන බව ද ඔහු කීය .

කෙසේ නමුත් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑම වෙළෙඳපොළ ණය අනුපාතික මගින් තවමත් පෙන්නුම් කර නැති බැවින් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණය ගෙන තිබේ. ඊට අමතරව ආන්තික ණය ලබාගන්නන්ට සහාය වීම සඳහා ඉහළ අගයක පවතින ඇතැම් පොලී අනුපාතික අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද ශ්‍රී ලංකා මහ තීරණය කර ඇත.

මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.50, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.50, බැංකු අනුපාතිකය සියයට 8.50 සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 2.00 මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.



අදහස් (0)

ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල වෙනසක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site