IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පුනර්ජනනීය බලශක්ති අර්බුදය: ඉදිරි මාවත තෝරා ගැනීම

 

සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයක භූමි යථාර්ථය නොසලකා හැරීමේ වැරැද්ද කරමින්, ලෝකයේ සංවර්ධිත කොටසට අනුවර්තනය වූ තාක්ෂණික විසඳුම් සඳහා වන පෙළඹවීමෙන් ශ්‍රී ලංකාව වැළකී සිටිය යුතුය. සුළං බලය මඟින් ශ්‍රී ලංකාවට නිශ්චිත කෙටිකාලීන මූල්‍ය වාසි සහිත න්‍යායාත්මක පොරොන්දුවක් තිබිය හැකිය. එහෙත් පාරිසරික, කෘෂිකාර්මික සහ සමාජීය වෙළෙඳාම්වලට අහිතකර ලෙස බලපාන ඉහළ සැඟවුණු පිරිවැයක් සහිතව එය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල උප ප්‍රශස්ත තේරීමක් බවට පත් කරනු ඇත.


මයුර බොතේජු විසින් “සුළං බලය: ශ්‍රී ලංකාව සඳහා පුනර්ජනනීය බලශක්ති මිශ්‍රණයේ අත්‍යවශ්‍ය අංගය” යන මැයෙන් 2025 මැයි 7 වැනි දින “ඩේලි එෆ්ටි” පුවත්පතට ලියන ලද මෑතකාලීන ලිපිය හරහා ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තියේ සුළඟේ ප්‍රමුඛතාව සඳහා උද්‍යෝගිමත් තර්කයක් ඉදිරිපත් කරයි. කෙසේ වෙතත්, මයුර සිය ලිපියෙන් නිසැකවම “පොදුවේ” වලංගු කරුණු කිහිපයක් මතු කර ඇතත්, අනෙක් අතට, ඔහුගේ හොඳින් ලියා ඇති ලිපියෙන් ශ්‍රී ලංකාවේ බලශක්තිය පමණක් නොව, වඩාත්ම වැදගත් ලෙස කිවහොත්, 2025 දී පවා ශ්‍රී ලාංකිකයන්ගෙන් තුනෙන් එකකට වඩා මූලික අවශ්‍යතා අහිමි වී ඇති දිවයිනක ආර්ථික, කෘෂිකාර්මික සහ පාරිසරික යථාර්ථය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් සඳහා අවශ්‍ය වන තීරණාත්මක සූක්ෂම කරුණු පැහැදිලිව මඟ හැර ඇත. 

“පුනර්ජනනීය බලශක්තිය” සමග ශ්‍රී ලංකාවේ ඉදිරි මාවත පදනම් විය යුත්තේ විභව මෙගාවොට් හෝ රට තුළ විදෙස් සංචිත වැඩි කිරීම සඳහා කෙටිකාලීන කඩිනම් විසඳුමක් ලෙස දේශීය ව්‍යාපෘති ආරම්භ කිරීම් හරහා රජයට රටට ලැබෙන ක්ෂණික සෘජු විදෙස් ආයෝජන මූල්‍ය වටිනාකම මත පමණක් නොව, දිගුකාලීන ප්‍රායෝගික ඒකාබද්ධතාව, සමාජ-ආර්ථික සහජීවනය, පාරිසරික සංරක්ෂණය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ වඩාත්ම වැදගත් දෙය නම්, වර්තමාන මෙන්ම අනාගත පරම්පරාවන්ගේ සමස්ත ජීවනෝපාය සහ යහපැවැත්මට බලපාන මෙම ව්‍යාපෘතිවල තිරසාරභාවය මත බව තේරුම් ගැනීම වැදගත්ය.
මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලාංකික පාරම්පරික මූලයන් සහිත ජාත්‍යන්තර වෘත්තිකයන් කණ්ඩායමක් සමගින්  Noteworthy Global  සමාගම පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගතයේ යහපැවැත්ම සම්බන්ධයෙන් අප ගෙන එන වටිනාකම් පූර්ව නිගමනය මත අපගේ පදනම මත එකමුතුව ස්ථිරව සිටිමින්, සූර්ය බලශක්තිය, ප්‍රධාන වශයෙන් “කෘෂි වෝල්ටීයතා පද්ධති” හරහා ඉදිරිපත් කරමින්, වඩාත් ශක්‍ය, සාධාරණ සහ තිරසාර මාර්ගයක් සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ අමාත්‍ය නිලධාරීන් හා දැනට පැවැත්වෙන සාකච්ඡා සමඟිනි. 
1. ශ්‍රී ලංකාවේ සුළං බලය: සංකූලතා සහ දිගුකාලීන බලපෑම් නොමැතිව නොවේ
ශ්‍රී ලංකාවේ න්‍යායාත්මක සුළං විභවය ගිගා වොට් 20-24 බව මයුර බොතේජු නිවැරැදිව සඳහන් කරයි. න්‍යායාත්මකව සංඛ්‍යා යහපත් වුවද, මෙම විභවයෙන් ප්‍රයෝජන ගැනීමේ ප්‍රායෝගික සහ ආර්ථික ශක්‍යතාව දැඩි ලෙස සීමිතය. සුනිත්‍ය බලශක්ති අධිකාරියට අනුව, ඉඩම් භාවිත සීමා, පාරිසරික සීමා සහ සුළං සම්පත්වල විචල්‍යතාව හේතුවෙන් තාක්ෂණිකව උපයෝජනය කළ හැක්කේ ගිගාවොට් 5 පමණකි. 
එපමණක් නොව, සුළං බලාගාරවල මධ්‍යගත ස්වභාවය නිසා යාබද ඉඩම් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, නවසීලන්තය හෝ ඕස්ට්‍රේලියාවේ මෙන් නොව, දැනටමත් ඉහළ ජන ඝනත්වයක් සහ තරගකාරී ඉඩම් ඉල්ලුමක් ඇති ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයක ඉඩම් යනු දුර්ලභ වෙළෙඳ භාණ්ඩයකි.


ආර්ථික හා ජාල යථාර්ථය
සුළං බලය වරින් වර ක්‍රියාත්මක වන අතර, දැඩි ජාල ස්ථායීකරණ ආයෝජන ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ වයස්ගත ජාල යටිතල පහසුකම් දැනටමත් පීඩනයට ලක්ව ඇති අතර, මහා පරිමාණ සුළං ව්‍යාපෘති ඒකාබද්ධ කිරීම සඳහා ගබඩා සහ භ්‍රමණ සංචිත ඇතුළුව මිල අධික වැඩිදියුණු කිරීම් අවශ්‍ය වේ. ලංකා විදුලිබල මණ්ඩලය එහි දිගුකාලීන උත්පාදන පුළුල් කිරීමේ සැලසුම් (LTGEP) තුළ මෙම කාරණය නිරන්තරයෙන් ඉස්මතු කර ඇත.
ඊට වෙනස්ව, සූර්ය බලශක්තිය, විශේෂයෙන් කෘෂි වෝල්ටීයතාවයන් සහිත විමධ්‍යගත සූර්ය බලශක්තිය හරහා ජාල යථාර්ථය සහ ග්‍රාමීය සංවර්ධන ඉලක්ක සමඟ වඩා හොඳින් ගැලපෙන මොඩියුල සහ භූගෝලීය වශයෙන් විසිරී ඇති බලශක්ති සැපයුමක් සපයයි.


පාරිසරික හා සංචාරක බලපෑම්
ආරම්භයේ දී ප්‍රමුඛතම සාර්ථකත්වයක් ලෙස බොහෝ විට සඳහන් කරන ලද මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ද දැඩි විවේචනයට ලක්ව ඇත. සංවේදී සංක්‍රමණික පක්ෂි කොරිඩෝවක එහි පිහිටීම පිළිබඳව පරිසරවේදීන් නිරන්තරයෙන් අනතුරු ඇඟවීම් මතු කර ඇත. ටර්බයින ඝනත්වය සහ විදුලි රැහැන් යටිතල පහසුකම් හේතුවෙන් ෆ්ලෙමින්ගෝ සහ රාජාලීන් වැනි විශේෂවලට ඇති තර්ජන ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් තක්සේරුව විසින්ම පිළිගනී.
ඊට අමතරව, සුළං ගොවිපළවල ශබ්ද දූෂණය සහ දෘශ්‍ය කැළඹීම් ඇති කරන අතර, එය දේශීය ප්‍රජාවන්ට සහ සංචාරක ව්‍යාපාරයට බලපායි. මෙය විශේෂයෙන් ඉහළ පාරිසරික හෝ දර්ශනීය වටිනාකමක් ඇති ප්‍රදේශවල ගැටලු සහගත වන අතර, මෙම ප්‍රදේශ දෙකම ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබේ. සෞන්දර්යාත්මක පිරිහීම, සෙවණැලි චංචලනය සහ ශබ්දය නිසා බොහෝ ප්‍රදේශ තුළ සුළං ගොවිපළ අප්‍රිය කරන තැනට පත්ව ඇත. 
කොවිඩ් වසංගතයට පෙර ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සියයක 5 කට ආසන්න දායකත්වයක් ලබා දුන් සංචාරක ව්‍යාපාරය ආරක්ෂා කළ යුතුය. දර්ශනීය වෙරළබඩ තීරය හෝ කඳු මුදුන්වල ඇති විශාල සුළං ටර්බයිනවලට පිරිසුදු බලශක්තියක් ලබා දිය හැකි නමුත්, සොබාදහම පදනම් කරගත් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ තරගකාරී වාසියට ඒ සඳහා කුමන මිලක් දැරීමට සිදුවේද?


සුළං බලශක්තියේ පාරිසරික හා ඉඩම් භාවිතයේ අවදානම්
දේශීය ගොවිතැන සහ ඉඩම් ප්‍රවේශය කෙරෙහි බලපෑම
සුළං ගොවිපල සඳහා සැලකිය යුතු යාබද ඉඩම් ප්‍රදේශ අවශ්‍ය වන අතර, එය බොහෝ විට දශක ගණනාවක් තිස්සේ විභව කෘෂිකාර්මික ඉඩම් බදු දීමට හෝ අත්පත් කර ගැනීමට හේතු වේ. මෙම ක්‍රියාවලිය හේතුවෙන් වගා කළ හැකි ඉඩම් අහිමි වීම, ගොවි ප්‍රජාවන් අවතැන්වීම සහ ප්‍රජා ප්‍රතිරෝධය ඉහළ යාම සිදුවිය හැකිය. ද්විත්ව ඉඩම් භාවිතය (එකවර කෘෂිකර්මාන්තය සහ බලශක්ති නිෂ්පාදනය) සඳහා ඉඩ සලසන කෘෂි වෝල්ටීයතා ව්‍යාපෘති සංකල්පය මෙන් නොව, සුළං බලශක්ති ව්‍යාපෘති සාමාන්‍යයෙන් ඉදිකර ඇති භූමියේ කෘෂිකාර්මික කටයුතු වළක්වන අතර, එමඟින් ශ්‍රී ලංකාව වැනි ආහාර සුරක්ෂිතතාව සමඟ දැනටමත් අරගල කරමින් සිටින රටක තවදුරටත් දිගුකාලීන සමාජ-ආර්ථික බාහිර බලපෑම් ඇතිවේ. 


විද්‍යාත්මක සාක්ෂි සහ සිද්ධි අධ්‍යයන:
අ. ඉන්දියාව - කන්‍යාකුමාරි දිස්ත්‍රික්කය: ඉන්දියානු විද්‍යා හා තාක්ෂණ සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් කන්‍යාකුමාරි දිස්ත්‍රික්කයේ බෝග නිෂ්පාදනයට සුළං ගොවිපළවල බලපෑම විශ්ලේෂණය කර ඇත. දුරස්ථ සංවේදනය සහ භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණයන් උපයෝගී කරගනිමින්, සුළං ගොවිපළ අසල ඇති ප්‍රදේශවල NDVI (සාමාන්‍යකරණය වූ වෙනස වෘක්ෂලතා දර්ශකය) අගයන් අඩු වූ බව අධ්‍යයනයෙන් හෙළි වූ අතර, එමඟින් වෘක්ෂලතා සෞඛ්‍යය සහ බෝග අස්වැන්න අඩුවීමක් පෙන්නුම් කරයි. උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ වර්ෂාපතන මාරුවීම් වැනි ක්ෂුද්‍ර දේශගුණික වෙනස්කම් සමග මෙහි සම්බන්ධයක් ඇති බව අධ්‍යයනය පෙන්වා දුන්නේය.
ආ. චීනය - බෂාං ප්‍රදේශය: උතුරු චීනයේ බෂාං ප්‍රදේශයේ සිදු කරන ලද  පර් යේෂණවලින් හෙළි වූයේ සුළං ගොවිපළවල් නිසා දේශීය වෘක්ෂලතා වර්ධනය හා ඵලදායිතාව සැලකිය යුතු ලෙස වැළැක්වෙන බවයි. දශකයක් පුරා NDVI (සියයට8.9), LAI (සියයට14.5) සහ  EVI (සියයට14.8) අගයන්වල අඩුවීම් නිරීක්ෂණය කරන ලද අතර, ටර්බයින මගින් ඇති කරන ලද කැළඹිලි හේතුවෙන් භූමි මතුපිට උෂ්ණත්වය ඉහළ යාම සහ පාංශු තෙතමනය අඩුවීම ඊට හේතු විය.
ඇ. අභ්‍යන්තර මොන්ගෝලියානු සානුව: භූගෝල විද්‍යාව සහ තිරසාරභාවය පිළිබඳ අධ්‍යයනයකින් පෙන්නුම් කළේ සුළං ගොවිපළවල් රාත්‍රී කාලයේ මතුපිට උෂ්ණත්වය වැඩි කළ බවත්, විශේෂයෙන් වනාන්තර පුරා, වෘක්ෂලතාදියෙහි ශුද්ධ ප්‍රාථමික ඵලදායිතාව (NPP) සාමාන්‍යයෙන්  12’37 gC/m² කින් අඩු කළ බවත්ය. මෙම බලපෑම් පාරිසරික සමතුලිතතාවයට සහ දේශීය කෘෂිකර්මාන්තයට තර්ජනයක් වේ.


ශ්‍රී ලංකාව සඳහා වන බලපෑම්:
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය සැමවිටම ග්‍රාමීය ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාවයේ කොඳු නාරටිය වී ඇති අතර, ඓතිහාසිකව ජාතිය ස්වයංපෝෂිත බව ප්‍රසිද්ධියට පත් කර ඇත. පසුගිය දශක කිහිපය තුළ, ශ්‍රී ලංකාව දැනටමත් දේශගුණික අවදානමට සහ ඉහළ ආනයන යැපීමට මුහුණ දී සිටින අතර, වගා කළ හැකි ඉඩම් තවදුරටත් අන්සතු කිරීමක් සිදුවෙයි:
● වගා කළ හැකි ඉඩම් ලබා ගැනීමේ හැකියාව අඩු කිරීම, ආහාර නිෂ්පාදනය තවදුරටත් සීමා කිරීම.
● තරුණ පරම්පරාවල සමාජ-ආර්ථික පීඩාව,ට හේතු වන ගොවි ප්‍රජාව අවතැන් වීම
● ජනගහනයෙන් සියයට 28 කට ආසන්න ප්‍රමාණයක් ආහාර හිඟයක් අත්විඳින බැවින් ආහාර සුරක්ෂිතතාව අඩපණ කිරීම.
● 2024 මුල් මාස හතර තුළ පමණක් ආහාර ආනයන පිරිවැය ඩොලර් මිලියන 577.2 දක්වා ඉහළ යාමත් සමග ආනයන යැපීම නරක අතට හැරේ (වසරින් වසර සියයට 15.4 ක වැඩිවීමක්).
කෙසේ වෙතත්, සුළං බලාගාර හරහා මෙම පවතින අන්තර් සම්බන්ධිත අර්බුදවලට විසඳුම් ලබා නොදේ. ඊට වෙනස්ව, කෘෂි වෝල්ටීයතාව හරහා බෝග විවිධාංගීකරණය, ක්ෂුද්‍ර දේශගුණය වැඩිදියුණු කිරීම සහ භූමි ඵලදායිතාව ඇතුළුව කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම හරහා බලශක්ති ප්‍රවේශය වැඩි කරන අතරම, ආනයන පිරිවැය අඩු කිරීම සහ දේශීය රැකියා අවස්ථා වැඩි කිරීම සමග සහයෝගී චක්‍රීය ආකාරයකින් ශ්‍රී ලංකා ආර්ථිකයට උපකාරී වෙමින්, අභාවයට යමින් තිබෙන කෘෂිකාර්මික කර්මාන්තයට නැවත පුනර්ජීවනයක් ගෙන ඒම සහ ආරක්ෂිත සහ තිරසාර අනාගතයක් පිළිබඳ නව බලාපොරොත්තු සමඟින් ප්‍රදේශවාසීන්ගේ ග්‍රාමීය ජීවනෝපායන් වැඩිදියුණු කිරීමක් සිදුවෙයි. 


කෘෂි වෝල්ටීයතාව: ශ්‍රී ලංකාව සඳහා සහයෝගී මාවත
ශ්‍රී ලංකාව පසුගිය කාලයේ ආර්ථික අසාර්ථකත්වයන් රැසකට මුහුණ දී ඇති අතර අවසානයේ බදු ගෙවන්නන් මත බර පැටවී ඇත. බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රචාරය ශ්‍රී ලංකාව විසින් පරෙස්සමෙන් විසඳා ගත යුතු අතර, ඒ සමගම වර්තමානයේ වැඩිවන ආහාර අනාරක්ෂිතභාවයට ද විසඳුම් ලබා දිය යුතුය. ප්‍රවණතාවල බලපෑමට යටත් වූ පසුව ආර්ථිකයට අලුත්වැඩියා කළ නොහැකි තරම් හානි සිදුවුවහොත්, ඒ ගැන කනගාටු විය යුතුය. මේ නිසා, ශ්‍රී ලංකාව කෘෂි වෝල්ටීයතාව අනුගමනය කිරීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා  Noteworthy Global සමාගම දැඩි ලෙස සන්නිවේදනයේ නිරත වන අතර, එමඟින් බෝගවලට ඉහළින් සූර්ය පැනල ස්ථාපනය කිරීමට හැකි වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් ද්විත්ව ඉඩම් භාවිතයට ඉඩ සලසයි. අනුරාධපුරයේ මෑතකදී සිදු කරන ලද නියමු ව්‍යාපෘතියකින් සූර්ය පැනල යටතේ මධ්‍යස්ථ උෂ්ණත්වය සහ පාලිත වාෂ්පීකරණය හේතුවෙන් මිරිස් අස්වැන්නෙහි සියයට 35 ක වැඩිවීමක් පෙන්නුම් කර ඇත.
ගෝලීය වශයෙන්, ජර්මනිය, ජපානය සහ ඉන්දියාව දැනටමත් භූමි ඵලදායිතාව සහ බලශක්ති උත්පාදනය උපරිම කිරීම සඳහා කෘෂි වෝල්ටීයතා තාක්ෂණය අනුගමනය කර ඇති අතර, අනෙකුත් ජාතීහු ද දේශීය වශයෙන් මෙම හොඳින් ඔප්පු කරන ලද පරිසර හිතකාමී තිරසාර උපාය මාර්ගයට පිවිසෙමින් සිටිති.
ශ්‍රී ලංකාව සඳහා මෙය තාක්ෂණයෙන් ඔබ්බට ගොස්, ඔරොත්තු දීමේ හැකියාව, ඉදිරි උපාය මාර්ගය වෙයි. කෘෂි වෝල්ටීයතාව හරහා ලැබෙන වාසි:
● ගොවියන් සඳහා වැඩිදියුණු කළ ජීවන තත්ව සහිත ආදායම් විවිධාංගීකරණය
● නියඟ කාලවලදී බෝගවල ඔරොත්තු දීමේ හැකියාව වැඩි වීම
● විශේෂයෙන් වියළි කලාපයේ ආන්තික ඉඩම් වඩා හොඳින් භාවිත කිරීම
● ජාලක ස්ථායිතාවට දායක වන විමධ්‍යගත බලශක්තිය

 

ජාතික ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක්
ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරාලීමට සූර්ය බලයෙන් පමණක් නොහැකි බව මයුර බොතේජු යෝජනා කරයි. කෙසේ වෙතත්, මෙය ව්‍යාජ දෙබෙදුමකි. ප්‍රශ්නය සුළඟ හෝ සූර්ය බලය නොවේ. ප්‍රශ්නය වන්නේ අපගේ ජාතික සන්දර්භය සහ මිලියන 20 කට අධික ජනගහනයක් සිටින ප්‍රජාවක් ලෙස යටින් පවතින වර්තමාන අභියෝග සැලකිල්ලට ගෙන විශ්වාසයෙන් යුතුව නැවත මතුවීමට ශ්‍රී ලංකාවට වඩාත් සුදුසු දේ කුමක්ද යන්නය. 
ගෝලීය ප්‍රජාවක් හමුවේ, ශ්‍රී ලංකාව තමන්ගේම තේජසින් යුත් දූපතක් ලෙස සුන්දරත්වයෙන් බහුල වුවද, ආහාර හිඟය, පාරිසරික අවදානම සහ සීමිත රාජ්‍ය මූල්‍ය තත්වයන්ගෙන් දැඩි ලෙස පීඩා විඳින බව රහසක් නොවන අතර, Noteworthy Global  කණ්ඩායම මෙය නැවැත්වීමට කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී. බලශක්ති ආයෝජන හරහා එකවර බහු ජාතික ප්‍රමුඛතා ආමන්ත්‍රණය කළ යුතුය. සුළඟ ශක්තිය සපයන නමුත් භූමිය නිසරු කරයි, ප්‍රජාව අවතැන් කරයි, පක්ෂීන් වඳවීමේ තර්ජනයට ලක් වේ, සහ ඉදිරි වසරවලදී සංචාරක ව්‍යාපාරය අවදානමට ලක් වේ. ශ්‍රී ලංකාවේ අනාරක්ෂිතභාවය පිළිබඳ බියෙන් තම දරුවන්ගේ අනාගතයේ අභිවෘද්ධිය සඳහා හැකි තරම් සංක්‍රමණය වීමට මාර්ග සොයමින් සිටින වත්මන් ජනගහනය තවදුරටත් කොටස්කරුවන් කැමති නැති ආර්ථිකයට වැඩි පීඩනයක් එක් කරයි.
ශ්‍රී ලංකාවේ ආයෝජන පහසුකම් ආරම්භයේ සිටම ආහාර සුරක්ෂිතතාව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, ගොවියන්ගේ ජීවනෝපා, ජෛව විවිධත්වය සහ බලශක්ති ප්‍රවේශය යන සියල්ල එකවර ගෙන එන කෘෂි වෝල්ටීයතා විද්‍යාව, පවතින දැවෙන මූලයන් වෙත යොමු කරයි. එය ඉලෙක්ට්‍රෝන ගැන පමණක් නොවේ, එය වඩා හොඳ ජීවන තත්වයක් සඳහා වන සමානාත්මතාව සහ ආර්ථිකය ගැන ය.


සමාප්තිය
සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයක භූමි යථාර්ථය නොසලකා හැරීමේ වැරැද්ද කරමින්, ලෝකයේ සංවර්ධිත කොටසට අනුවර්තනය වූ තාක්ෂණික විසඳුම් සඳහා වන පෙළඹවීමෙන් ශ්‍රී ලංකාව වැළකී සිටිය යුතුය. සුළං බලය මඟින් ශ්‍රී ලංකාවට නිශ්චිත කෙටිකාලීන මූල්‍ය වාසි සහිත න්‍යායාත්මක පොරොන්දුවක් තිබිය හැකිය. එහෙත් පාරිසරික, කෘෂිකාර්මික සහ සමාජීය වෙළෙඳාම්වලට අහිතකර ලෙස බලපාන ඉහළ සැඟවුණු පිරිවැයක් සහිතව එය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල උප ප්‍රශස්ත තේරීමක් බවට පත් කරනු ඇත.
ඒ වෙනුවට, අපි ප්‍රායෝගික, සියල්ල ඇතුළත් සහ පාරිසරික වශයෙන් යහපත් ඉදිරි මාවතක් ලෙස, විශේෂයෙන් කෘෂි වෝල්ටීයතා පද්ධති ක්‍රියාත්මක කිරීමෙන් සූර්ය බලශක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. දී ඇති බලශක්ති බලාගාරයකින් ලැබෙන බලශක්තිය හෝ ආයෝජන අවසාන ඉලක්කය නොවන බව සැලකිල්ලට ගත යුතුය අතර, මානව යහපැවැත්ම, ජාතික ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර සමෘද්ධිය ගැන අවධානය යොමු කර යුතුය. 
දුර්වල තීරණ ගැනීමේ බර අපේ දරුවන්ට සහ අනාගත පරම්පරාවන් මත පැටවිය නොයුතු අතර, අපි ඥානවන්තව තෝරාගෙන සැමට යහපත් ශ්‍රී ලංකාවක් සඳහා එක්සත් විය යුතුය. 
(තාක්ෂණික හා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඇති පළපුරුදු වෘත්තිකයෙකු වන මෙම ලියුම්කරු, ලොව පුරා සිටින අනාගතවාදී ආයෝජකයන් සමග ඉහළ විභව ව්‍යාපෘති සම්බන්ධ කිරීම සඳහා කැපවී සිටින එක්සත් රාජධානිය පදනම් කරගත් පෞද්ගලික සීමිත සමාගමක් වන Noteworthy Global සමාගමේ නිර්මාතෘවරයා වේ. ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ව්‍යාපෘති මෙන්ම ව්‍යාපෘති කළමනාකරණය, ඩිජිටල් නවෝත්පාදනය සහ ශුද්ධ ශුන්‍ය විසඳුම් ඇතුළු පුනර්ජනනීය බලශක්ති මුලපිරීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, Noteworthy Global සමාගමේ ROI-driven වන තිරසාරභාවය සහ දිගුකාලීන, බලපෑම් සහිත හවුල්කාරිත්වයන් වගා කිරීම අවධාරණය කරයි.  [email protected]. හරහා සම්බන්ධ වීමෙන් විභව ව්‍යාපෘති සහයෝගීතා ගවේෂණය කරන ලෙසට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් දිරිමත් කරනු ලැබේ.)

“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ අනිල් කරුණාරත්න



අදහස් (0)

පුනර්ජනනීය බලශක්ති අර්බුදය: ඉදිරි මාවත තෝරා ගැනීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1667 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site