IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පුත්තලමේ පුවක් ගිනි ගණන්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම හා ඒ අවට ප්‍රදේශ වල පුවක් ගෙඩියක මිල රුපියල් 25 දක්වා ඉහළ ගොස් ඇති බව පුවක් අලෙවිකරුවෝ පවසති.

පසුගිය වසර වලදී  පුවක් ගෙඩියක් රුපියල් පහකට වඩා ඉහළ නොගිය බවත් මෙවර පුවක් මිල ඉහළ යාමත් සමඟ අලෙවියද පහත වැටී ඇති බවත් පුවක් අලෙවිකරුවෝ කියති.

පාලවිය නගරයේ බුලත් පුවක් අලෙවිකරුවකු වන නිමල් ආරියරත්න මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.

   “ කලින් දවසකට පුවත් ගෙඩි 1000 විතර අලෙවි කළා.නමුත් පුවක් මිල හිතා ගන්න බැරි විදිහට ඉහළ යාම නිසා දැන් දවසට ගෙඩි 200 ක් 300 ක් අලෙවි වෙන්නේ නැහැ.

කුඩා ගෙඩි රුපියල් 18 යි එතනින් එහා 25 දක්වා මිල ඉහළ යනවා.

රුපියල් 18 තියෙන පුවක් එතරම් හොද තත්වයේ නැහැ .ඒ නිසා වැඩි දෙනෙක් 25 ට තියෙන පුවක් වලින් ගෙඩි කිහිපයක් අරන් යන්න පුරුදු වෙලා‘‘ යැයි ඔහු පැවසීය.

බුලත් විට අලෙවි කරන කොට්ටුකච්චිය ගල්කුලම කේ .නන්දාවති මහත්මිය මේ පිළිබඳව මෙසේ පැවසුවාය.

     “ඉස්සර අපි පුවක් ගොනියක් දවස දෙකෙන් දෙකට ගන්නවා.දැන් ඒ විදිහට ගන්න සල්ලි නැහැ.

අපි බුලත් විට කලින් අලෙවි කළේ රුපියල් 40 ට. පුවක් ගෙඩි දෙකක් කපලා දානවා. නමුත් දැන් බුලත් විට රුපියල් 50 කළා.දැන් විටට පුවක් ගෙඩි දෙකක් දාන්නෙ කොහොමද .

බුලත් කොලයක් රුපියල් තුනයි .අපි බුලත් කොල හතරක් විටට දානවා තව දුන්කොල ,හුණු දාන්න ඕනා මේ විදිහට අපිට දැන් බුලත් විට අලෙවි කරන්න අමාරුයි‘‘. යැයි ඇය පැවසුවාය.

 

 

 

 

 

 



අදහස් (3)

පුත්තලමේ පුවක් ගිනි ගණන්

amila Thursday, 27 August 2020 03:47 AM

පුවක් තව ගණන් යන්න ඕනි. අත්‍යවශ්‍ය දෙයක් නොවෙයිනේ.

:       48       211

raamaa11 Thursday, 27 August 2020 06:07 AM

අපි.. අපේ ගෙවතුවල පුවක් ගස් විනාශ කරනවා.!! හේතුව අපි බුලත්විට කෑමට විරුද්ධ නිසා... !! 

:       2       164

anura Thursday, 27 August 2020 09:08 AM

ඉන්දුනීසියාවෙන් පුවක් ගෙනත් ඉන්දියාවට පටවපු එක්කෙනා ඉන්නේ ඔය පැත්තනේ... එයාට කිව්වා නම් විසඳුමක් දේවි...

:       0       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site