(හර්ෂණ තුෂාර සිල්වා)
‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට ‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම් යෝජනා ක්‍රමයට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
මෙම කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ 4% ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ණය ලබාදුන් අතර මේ දක්වා කාලයේදී බලපත්‍රලාභී බැංකු මඟින් අයඳුම්පත් 36,489ක් ලැබී තිබුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100,017ක් අනුමත කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
අගෝස්තු 18 වැනි දිනට ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 ණය කඩඉම පසු කළ බවත් අනුමත ණයවලින් බලපත්‍රලාභී බැංකු රටපුරා පිහිටි ව්‍යාපාර සහ පුද්ගලයන් 25,365ක් අතර රුපියල් බිලියන 68.5ක් ලබා දී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ණය සහන ඉල්ලුම් කාලය දීර්ඝ කෙරේ