ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
උතුරේ ධීවර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘතියක් සඳහා කණ්ඩායම් විස්සකට අයත් ප්‍රතිලාභීන් එකසිය විසි දෙනකු වෙනුවෙන් එක් අයකුට අක්කරය බැගින් වගා භූමි ලබාදෙමින් ඒ සඳහා බලපත්‍ර ලබාදීම ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් සංවිධානය කළ මෙම ව්‍යාපෘතිය සඳහා “ජලජීවී වගා කළමනාකරණ බලපත්‍ර” ලෙස මෙම බලපත්‍ර ලබාදීම සිදුකෙරිණි.
මෙම ව්‍යාපෘතියෙන් වෙරළාසන්න ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, නව රැකියා අවස්ථා උත්පාදනය, රටේ නීල ආර්ථිකය ඉහළ නැංවීම සහ රටට විදේශ විනිමය රැගෙන ඒම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ව්‍යාපෘතිය නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය. මෙම අවස්ථාවට ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය, කයිට්ස් ප්‍රාදේශීය ලේකම් වනජා සෙල්වරත්නම්, ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් අධ්‍යක්ෂ පී. නිරූපරාජ් යන මහත්ම මහත්මීහු එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd