ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රධානතම කොන්දේසීයක් වුයේ වංචාව සහ දූෂණය වැළැක්වීමට විධිමත් පියවර අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුය යන්නයි. එම එකඟතා අනුව යමින් 2023 වර්ෂයේ දී එවකට බලයේ සිටි රජය විසින් දූෂණ විරෝධී පනත පර්ලිමෙන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට දූෂණ විරෝධී ආයතනික ව්‍යුහය පිහිටුවා ඇති අතර වර්තමානයේ ඇසෙන්නට ලැබෙන වත්කම් ප්‍රකාශන මහජනතාවට දැනගැනීමට හැකිව ඇත්තේ ඉහත පනත බලාත්මක වීමත් සමගය. දූෂණ විරෝධී පනතට ප්‍රකාරව, වංචාව සහ දූෂණය තිරසාරව පිටු දැකීම සඳහා බොහෝ වැඩකොටසක් කිරිමට ඉතිරිව ඇත.
වංචාව සහ දූෂණ පිටු දැකීම වත්මන් රජය විසින් මැතිවරණ සමයේ ලබා දුන් ප්‍රමුඛතම පොරොන්දුවක් වූ අතර ඊට අදාළව මහ මැතිවරණයේදී විශාල ජන වරමක් ලැබිණි. ශ්‍රී ලංකාවේ පමණක් නොව තුන්වැනි ලෝකයේ බොහෝ රටවල විටින් විට මහජනතාව වංචාව සහ දූෂණය මැඩ පැවත්වීමට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ බලයට පත් කිරිම ඉතිහාසය පුරා සිදුව ඇත. එහෙත්, වංචාව සහ දූෂණය පිටු දැකීම තේමාව කරගෙන බලයට පත්වන බොහෝ දේශපාලන පක්ෂ ඉතා කෙටි කලක් තුළ ජනතා අප්‍රසාදයට පත්වන අවස්ථා බොහොමයක් ඇති අතර ඒ නිසාම ඉන් පසුව පවත්වනු ලබන මැතිවරණවලින් පරාජයට පත්වීම හෝ පක්ෂ අභ්‍යන්තරයේ ආරවුල් ඇති වූ අවස්ථා එමටය.
2018 වසරේ, ඉම්රාන් ඛාන් විසින් මෙහෙයවන ලද Tehreek-e-insaf (PTI) පක්ෂය බලය ලබාගනු ලැබුයේ වංචාව සහ දූෂණය පිටු දැක “නව පාකිස්තානයක්” ඇති කරන බවට පොරොන්දු ලබා දෙමිනි. එහෙත් ඉතා කෙටි කලක් තුළ එම පාලනය ජනතාව අතර අප්‍රසාදයට ලක් වූයේ ආර්ථිකය ඉතා බරපතළ ලෙස කඩා වැටිම සහ අසාර්ථක රාජ්‍ය පාලන කළමනාකරණය හේතුවෙනි. අවසානයේ 2022 වසරේ දී ගෙන එනු ලැබු විශ්වාසභංගයෙන් පරාජයට පත්ව එම පක්ෂයට බලය අහිමි විය. එසේම, මහතීර් මොහොමඩ් විසින් මෙහෙයවනු ලැබූ Pakatan Harapan සභාගය පුරා වසර 61ක් පාලනය කළ දේශපාලන සභාගය වන Barisan National Coalition පරාජය කරමින් 2018 දී මැලේසියාවේ බලය ලබාගනු ලැබුවේ වංචාව සහ දූෂණය පිටුදකිනු ලබන බවට පොරොන්දු වෙමිනි.
එහෙත් එම දේශපාලන සභාගයට බලයේ රැඳී සිටීමට හැකි වූයේ වසර දෙකක් වැනි කෙටි කලයක් පමණක් වූ අතර අභ්‍යන්තර දේශපාලන අර්බුද හේතුවෙන් 2020 වසරේ දී එම සභාගයෙන් බලය ගිලිහිනි. තවත් මෙවැනිම උදාහරණයන් ගණනාවක් අසල්වැසි ඉන්දියාව, බ්‍රසීලය, ඉතාලිය, ස්ලෝවැකියාව, දකුණු අප්‍රිකාව, සහ ග්‍රීසිය වැනි රටවලින් ලබාදිය හැකිය. 2015 දී බලයට පැමිණි යහපාලන රජය ද වංචාව සහ දූෂණය මැඩපැවත්වීමට පොරොන්දු වෙමින් බලයට පත් වුවද අවසානයේ දී ඉතා කෙටි කලක් තුළ විවිධ හේතු නිසාවෙන් ජනතා අප්‍රසාදයට ලක්විය. වංචාව සහ දුෂණය පිටු දැකීම අරමුණුකර බලයට පැමිණෙන දේශපාලන පක්ෂ ඉතා කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට පත්වන්නේ මන්ද? එවැනි ජනතා අප්‍රසාදයට පත්වීම වළක්වා ගන්නේ කෙසේද? මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉහත ප්‍රශ්න දෙකට පිළිතුරු සැපීයීම වේ. එවැනි සාකච්ඡාවක් ඉදිරි අයවැය තුළ ප්‍රතිපත්ති/වැඩසටහන් තීරණය කිරිමෙහිලා ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ දේශපාලන නායක්වයට ප්‍රයෝජනවත් වෙතැයි අපේක්ෂා කරමු.
වංචාව සහ දූෂණයට එරෙහි පියවර කෙටිකාලීනව ජනතා අප්‍රසාදයට ලක්වන්නේ මන්ද?
මෙම ගැටලුව සම්බන්ධයෙන් පුළුල්ව විමර්ශනය කළ සාහිත්‍යයක් ආර්ථික-සමාජ විද්‍ය විෂයපථය තුළ දක්නට ලැබේ. එසේම, දැනට පවත්නා පර්යේෂණ සාහිත්‍ය තවදුරටත් පෝෂණය කරමින් මෑතකදී දකුණු ආසියාතික රටවල් පහකට අදාළව ද දූෂණ විරෝධී පියවර දුප්පත්කම සහ ආදායම් බෙදීයාමේ විෂමතාවලට කෙටිකාලීනව සහ දිගුකාලීනව කුමන බලපෑම් ඇති කරයි ද යන්න විමසා බලන ලදී. ඒ අනුව පහතින් සාරාංශ කරනු ලබන්නේ එවැනි පර්යේෂණවලින් මේවන විට සොයාගෙන ඇති කරුණු කීපයකි.
දූෂණ විරෝධී වැඩසටහන් කෙටි කාලීනව දුප්පත්කම වැඩි කරයි ද?
පර්‌යේෂණ සාහිත්‍යට අනුව, දූෂණය මැඩපැවත්වීමට ගනු ලබන පියවර කෙටිකාලීනව දුප්පත්කමට සහ ආදායම් බෙදීයාමේ විෂමතාවලට ඇතිකරනු ලබන අහිතකර බලපෑම හේතුවෙන් ඒ සඳහා පියවර ගනු ලබන බලයේ සිටින දේශපාලන පක්ෂය/කණ්ඩායම් ජනතා අප්‍රසාදයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතී. වංචාව සහ දූෂණය පිටු දැකීමට ගනු ලබන පියවර කෙටිකාලීනව දුප්පත්කම ඉහළ දැමිමට හෝ දුප්පත්කම පහත හෙළීම වළකාලීමට ආකාර කීපයකින් බලපෑම් එල්ල කළ හැකිය. ඉන් පළමු ආකාරය වන්නේ දේශපාලන අනුග්‍රහකත්වය මත අඩු ආදායම්ලාභීන්ට ලැබුණු බොහෝ අවස්ථා නොලැබීයාමය. උදාහරණයක් ලෙස දේශපාලන මැදිහත්වීම් මත රැකියා ලැබීම, ඉඩම් හිමිකම් ලැබීම, සුළු ව්‍යාපාර සඳහා විවිධ ඉඩ ප්‍රස්ථා ලැබීම සඳහන් කළ හැකිය. මෙවැනි අවස්ථා හේතුවෙන් සමාජයේ පහළම ආදායම් ලබන පිරිස්වලට රජයේ රැකියා සඳහා ඉඩ ප්‍රස්ථා ලැබෙන අතර ඊට අමතරව විවිධ ස්වයංරැකියා සහ කෘෂිකාර්මික කටයුතුවලට අවස්ථා උදාවේ. දූෂණ විරෝධී පියවර හේතුවෙන් දේශපාලකයන්ට මෙවැනි මැදිහත්වීම කිරීමට ඇති හැකියාව අවම වන අතර එහි වඩාත් අවාසි සහගත තත්වයට ලක්වන්නේ අඩු අදායම් ලබන ජන කොටස් වේ.
දෙවනුව, දූෂණ විරෝධී පියවර හේතුවෙන් කෙටි කාලීනව ආර්ථික කටයුතුවල පසුබෑමක් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතින බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. ඊට හේතුව වන්නේ දූෂණ විරෝධී පියවර හේතුවෙන් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද කටයුතු මන්දගාමී වීම වේ. උදාහරණයක් ලෙස රාජ්‍ය ආයෝජන කටයුතුවලට අදාළව පසු මන්දගාමී බවක් පෙන්නුම් කිරීමට මූලිකතම හේතුව වන්නේ රාජ්‍ය නිලධාරීන් වඩාත් පරිස්සමින් යුතුව කටයුතු කිරීමට යොමු වීම නිසාවෙනි. විශේෂයෙන්ම මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉතා සෙමෙන් ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ වැඩි වේ. 2025 වර්ෂයට අදාළව රාජ්‍ය ආයෝජන ප්‍රගතිය පහළ මට්ටමක පැවතීමට බලපා ඇති එක් හේතුවක් වන්නේ රජය ගෙනයන දූෂණ විරෝධී පියවර හේතුවෙන් රාජ්‍ය නිලධරීන් වඩාත් පරිස්සමින් කටයුතු කිරිමට යොමුවීම යන්න ප්‍රසිද්ධ රහසකි. පෞද්ගලික අංශයේ කටයුතු අඩාල වීමට ද දූෂණ විරෝධී පියවර කෙටිකාලීනව හේතු විය හැකි වේ.
තුන්වනුව, සමාජයේ පහළ ස්ථරයේ සිටින පිරිස් විවිධ වංචා සහ දූෂණ කටයුතුවල, සුළු පරිමාණයෙන්, නිරතව සිටියේ යැයි උපකල්පනය කළහොත් නව තත්වය යටතේ එවැනි කටයුතුවලින් ඉපැයීම් කිරීමට ඇති අවස්ථා සීමා විය හැකි අතර ඒවැන්නක් ද දුප්පත්කම කෙටිකාලීනව ඉහළ දැමීමට ඉවහල් විය හැකිය. ලාංකේය සමාජය තුළ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද සුළු සුළු අල්ලස් ලබාගැනීම් ඉතා බහුලබව කවුරුත් දන්නා කරුණකි. අවසාන වශයෙන් දුෂණ විරෝධි පියවර රාජ්‍ය සේවා ලබාගැනීමට අදාළව ඉහළ පිරිවැයක් දැරීමට සිදුවිය හැකි වේ. එසේම සමහර තත්ව යටතේ විවිධ කොන්දේසි අකුරටම සපුරාලීමට වැඩි වියදමක් දැරීමට ද සිදුවිය හැකිය.
දූෂණ විරෝධී වැඩසටහන් කෙටි කාලීනව අදායම් බෙදීයාමේ විෂමතාව වැඩි කරයි ද?
වංචාව සහ දුෂණයට විරුද්ධව රජයක් ගනු ලබන පියවර කෙටි කාලීනව ආදායම් බෙදීයාමේ විෂමතාව ඉහළ නැංවීමට හේතුවන බව සමහර පර්යේෂකයන් සොයාගෙන ඇත. මෙසේ ආදායම් විෂමතාව ඉහළයාම සඳහා දූෂණ විරෝධී වැඩසටහන් ආකාර කීපයකින් බලපෑම් කළ හැකි වේ. දුෂණ විරෝධී පියවර හේතුවෙන් කෙටිකාලීනව දුප්පත්කම ඉහළ යාමට හේතු ලෙස ඉහතින් සඳහන් කළ බොහොමයක් තත්ව ආදායම් බෙදීයාමේ විෂමතා ඉහළනැංවිම කෙරෙහි ද බලපෑම් ඇතිකළ හැක. විශේෂයෙන්ම, දූෂණ විරෝධී පියවර හේතුවෙන් අවධිමත් ලෙස මුදුල් උපයා ගැනීම් අහිමිවීම හේතුවෙන් සමාජයේ පහළ ආදායම් ලබන පිරිස්වල ආදායම් තත්වයට අහිතකර බලපෑමක් ඇති විය හැකිය. එසේම, දූෂණ විරෝධී පියවරට සමගාමීව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩසටහන් හේතුවෙන් රැකියා අහිම්වීම් ද සිදුවිය හැකිය.
අනෙක් අතට සමාජයේ පහළ ආදායම් ලබන්නන්ට රාජ්‍ය අංශයට අදාළව සමාජ ජාලා/ දැන හැදුනුම්කම් සීමා සහිතව පවතින අතර ඊට සාපේක්ෂ ඉහළ ආදායම් ලබන්නන්ට/ඉහළ අධ්‍යාපනයක් ලබාගත් පිරිස්වලට තම දැන හැදුනුම්කම් භාවිත කරගනිමින් ඉතා පහසුවෙන් තම සේවා ලබා ගැනිම කළ හැකි වේ. එබැවින්, දූෂණ විරෝධි පියවර සමග රාජ්‍ය සේවාවලට අදාළව ඇතිවන අකාර්යක්ෂමතා නිසා වඩාත් ප්‍රබලව පීඩාවට ලක්වන්නේ පහළ ආදායම් ලබන්නන්ය. රජයේ දූෂණ විරෝධී වැඩසටහන්වලට සමගාමීව කෙරෙන ප්‍රතිසංස්කරණ තම වාසියට කර ගැනීමට ඉහළ ආදායම් ලබන පිරිස්වලට හැකියාව ඇති අතර ඒ හේතුවෙන් පහළ ආදායම් කොටස් ඉලක්කකර යම් යම් මැදිහත්විම් කළද ඒවායේ වඩා වැඩි ප්‍රතිඵල සමාජයේ ඉහළ කොටස් හිමිකර ගැනීමට හැකියාව පවති (elite capture). එසේම, සමාජයේ පහළ කොටස්වලට ප්‍රතිලාභ ගෙනෙන ප්‍රතිසංස්කරණ සිදුවීම වළකාලීම ද කළ හැකි වේ. උදාහරණයක් වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් යෝජිත ධන බද්ද ක්‍රියාත්මක කිරිම වැළැක්වීමට උපක්‍රමශීලීව කටයුතුකොට ඇති ආකාරය සඳහන් කළ හැකිය.
ඉහත පෙන්වා දුන් පරිදි, රජය මගින් වංචාව සහ දූෂණය පිටුදැකීමට ගනු ලබන පියවර කෙටිකාලීනව දුප්පත්කම සහ ආදායම් බෙදීයාමේ විෂමතාව පුළුල්කිරීමට ඉවහල්විය හැක. එහෙත් මධ්‍යකාලීනව සහ දිගුකාලීනව දුෂණ විරෝධී පියවර දුප්පත්කම සහ ආදායම් බෙදීයාමේ විෂමතා පහත හෙළීමට උපකාරී වේ. කෙටිකාලීන අයහපත් බලපෑම් හේතුවෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵලය වන්නේ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන රජයන් ඉතා ඉක්මනින් ජනතා අප්‍රසාදයට පත්වීමය. මෙහිදි විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ දුෂණ විරෝධි පියවර නිසා අගතියට පත්වන ඉහළ සාමජයේ ප්‍රභූ කණ්ඩායම් නිරන්තරයෙන්ම දුෂණ විරෝධී පියවර අඩපණ කිරිමේ අරමුණින් සමාජයේ පහළ කොටස් සංවිධානය කිරිමට යොමු වන බවයි.
ජනතා අප්‍රසාදය වළක්වා ගන්නේ කෙසේද?
දුෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක් කිරීමේ දි කෙටි කාලීනව සමාජයේ පහළ ආදායම් ලබන කණ්ඩායම්වලට ඇතිවන අහිතකර තත්වය වළක්වා ගැනීමට රජයක් කටයුතු කිරිම අත්‍යවශ්‍ය වේ. ඒ මන්ද යත් එවැනි මැදිහත් වීමකින් තොරව රටක වංචාව සහ දූෂණය තිරසාරව පහත හෙළිය නොහැකි බැවිනි. දියුණු වෙමින් පවතින බොහොමයක් රටවල දත්ත දෙස අවධානය යොමුකිරීමේදී පෙනීයන කරුණක් වන්නේ වංචාව සහ දූෂණය මට්ටම් තිරසාරව පහත වැටෙනවා වෙනුවට උස් පහත්වන දිය රැළි ස්වරූපයක් ගන්නා බවයි. එනම් යම් කාලයකට අදාළව වංචාව සහ දූෂණය ඉහළ මට්ටමක පවතින අතර ඊට අදාළව ගොඩනැගෙන සමාජ බලවේග හේතුවෙන් ඇතිවන දේශපාලනික පරිවර්තන මගින් ඊළඟ කාල පරිච්ඡෙදයේ දී වංචාව සහ දූෂණය පහතට ගමන් කරනු ලබයි.
එහෙත් තිරසාරව පහතට ගමන් කරනවා වෙනුවට නැවත වරක් වංචාව සහ දූෂණය හිස ඔසවනු ලබන්නේ දූෂණ විරෝධී පියවර නිසා කෙටිකාලීනව අගතියට පත්වන පාර්ශව විසින් දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කල රජයන් වෙනස් කිරිමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එබැවින්, සංවර්ධිත රටවල මෙන් වංචාව සහ දූෂණය තිරසාරව පහතට ගෙන ඒමට අවශ්‍ය වන්නේ නම් වංචාව සහ දූෂණය මැඩපැවත්වීමට ගනු ලබන පියවර හේතුවෙන් කෙටිකාලීනව අගතියට පත්වන සමාජයේ පහළ ආදායම් ලබන්නන්ට ඇතිවන අයහපත් තත්වය අවම කිරීමට කටයුතු කළ යුතුය. පළමුව, දුෂණ විරෝධී වැඩසටහන් හේතුවෙන් අගතියට පත්වන පාර්ශව කවුරුන් ද යන්න පිළිබදව විමසා බැලීම රජයක් විසින් කළ යුතුව ඇත. ඒ සඳහා විධිමත් පර්යේෂණ පැවත්විය යුතු අතර එසේ හඳුනාගනු ලබන පිරිස් ඉලක්ක කරගනිමින් යෝග්‍ය සමාජ ආරක්ෂණ මැදිහත්වීම් සහ අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කළ යුතුය. දූෂණ විරෝධී වැඩසටහන් හෙතුවෙන් අහිමි වී යන අවස්ථා සහ ආදායම් සඳහා විකල්ප අවස්ථාව ඇති කිරීම/වන්දි ලබාදීමක් (Compensating the Losers) මෙහිදි අදහස් කරනු ලබයි. මෙම ක්‍රමවේදය බහුලවම ආර්ථික විද්‍යා විෂයපථය තුළ සාකච්ඡාවට ගැනෙන කරුණක් වන අතර විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් වලදී ඒවායින් කෙටිකාලීනව අගතියට පත්වන පාර්ෂවයන්ට විවිධ රාජ්‍ය මැදිහත්වීම් මගින් වන්දි ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. එවැනි වැඩසටහන් මගින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ ආරක්ෂණ පියවර අත්‍යවශ්‍යයෙන්ම සහනාධාර ලබාදීමක් විය යුතු නැති අතර යම් යම් තත්ව යටතේ එවැනි මැදිහත්වීම් රැකියා සඳහා පුහුණු කිරීම්, ස්වං රැකියා අවස්ථා පුළුල් කිරීම් මෙන්ම විදේශ රැකියා සඳහා යොමු කිරීම් ද විය හැකිය.
එසේම, අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන්වලට අයදුම් කිරීම සහ සුදුසුකම් ලැබීම සඳහා නිරන්තරයෙන්ම අවස්ථා ලබාදීම ද යෝග්‍ය වේ. පවත්නා රාජ්‍ය මූල්‍ය තත්වය යටතේ රජයට වඩාත් ප්‍රශස්ථ සමාජ ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට යොමුවීමේ හැකියාවක් නොමැති බව ද අප මෙහිදි මතක තබා ගත යුතුව ඇත. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදී සාමාජයක් මුහුණපානු ලබන ප්‍රධාන අභියෝගයක් වන්නේ සහනාධාර යම් කාලසීමාවකට පමණක් ඉලක්කගත කණ්ඩායම්වලට ලබාදීම වේ. එනමුත් රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට ජනතා සහයෝගය නොමැතිව ඉදිරියට ගමන් කළ නොහැකිය. මේ නිසා මැදි කාලීනව සහ දිගු කාලීනව සමාජයේ පහළ ස්ථරයන්ට ප්‍රතිලාභ ලැබෙන තෙක් එම ස්ථරය රජයේ වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන තැනක තබාගත යුතුව ඇත. මේ නිසා මෙවර අයවැය තුළ දී මෙම කරුණ පිළිබඳ නිසි අවධානයක් යොමු කළ යුතුව ඇත.
වඩාත්ම වැදගත්වන අංගයක් වන්නේ ආර්ථික අවස්ථා පුළුල් කිරීම වේ. මේ සඳහා ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාම වැදගත් අතර ඒ සඳහා අවශ්‍යවන ප්‍රතිපත්ති පිළිබඳව දූෂණ විරෝධී වැඩසටහන්වලට සමගාමීව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතුය.
උදාහරණයක් ලෙස 2018 දී ඉම්රාන් ඛාන් විසින් පාකිස්තානයේ ආරම්භ කළ දූෂණ විරෝධී වැඩසටහන් අඩාළ වීමට වඩාත්ම බලපෑ ප්‍රධාන සාධකය වුයේ ආර්ථික කාර්යසාධනය පහත වැටීමය. වංචාව සහ දූෂණය සාර්ථකව පහත හෙළීමට හැකි වූ සිංග්පූරුව, ඡෝර්ඡීයාව, එස්ටොනියාව, චිලි මෙන්ම මෑතකාලීනව දූෂණය පිටු දැකීම සාර්ථකව සිදුකමින් සිටින රුවන්ඩාව දෙස අවධානය යොමු කිරීමේ දී මූලිකව පෙනීයන කරුණක් වන්නේ ඒ සියලුම රටවල් ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගෙන යමින් වංචාව සහ දූෂණය පිටු දැකීමට පියවරගත් බවයි.
විශේෂයෙන්ම රටේ බහුතර සාමාන්‍ය පුරවැසියාට ප්‍රතිලාභ ගෙනදෙන ප්‍රතිසංස්කරණ සඳහා රජය යොමුවිය යුතුව ඇත. කෘෂි කර්මාන්තය, පොදු ප්‍රවාහනය, ඉඩම්, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම රාජ්‍ය අංශය වැනි ක්ෂේත්‍ර ඉලක්ක කරමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතුව ඇත.
මෑතක දී ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව මෙන්ම ද ඉකොනොමිස්ට් යන ආයාතන තම සඟරා මගින් පෙන්වා දුන් කරුණක් වුයේ වර්තමානයේ ලාංකේය ආර්ථිකය ලබා ඇති ප්‍රගතිය සහ ස්ථාවරත්වය තිරසාරව පවත්වා ගෙන යාමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලින් තොරව තිරසාරව ඉහළ ආර්ථික වර්ධනයක් අත්කරගත නොහැකි බව මෑත කාලීන ලෝක ආර්ථික ප්‍රවණතා මගින් ඉතා පැහැදිලි වන කරුණක් වන අතර එම ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීමෙන් සිදු වන්නේ ආර්ථිකය නැවත වරක් අවදානම් තත්වයකට පත්වීමය. මෙවැනි ප්‍රතිසංස්කරණ හේතුවෙන් නව ආර්ථික අවස්ථා නිර්මාණය වන අතර ජිවන බර සැහැල්ලු කිරිමක් ද ඇති කළ හැකිය.
එමෙන්ම, වංචාව සහ දූෂණය පිටු දැකීමෙන් රටේ සාමාන්‍ය ජනතාව මැදි කාලීනව සහ දිගු කාලීනව ප්‍රතිලාභ ලබන බව ජනතාවට ඒත්තු ගැන්විය යුතුව ඇත. ඒ සඳහා විධිමත් දැනුවත් කිරීමේ වැඩසටහන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් සිදුකළ යුතුව ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අයවැය අභියෝග: දුෂණ විරෝධයට ජනතා සහායක් ?