
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි සියලුම ODEL ප්‍රදර්ශනාගාර හරහා Dialog Pay ඔස්සේ ආරක්ෂිතව LankaQR ගෙවීම් කිරීමේ හැකියාව පාරිභෝගිකයන්ට උදාකර දී ඇත. ප්‍රදර්ශනාගාර 10 ක් පුරා විහිදුණු ODEL ජාලය හරහා පිරිනමන මන බඳින විලාසිතා සමගින් පාරිභෝගිකයන්ගේ කැමැතිම ජීවන රටාව සඳහා ඉවහල් වන අනෙකුත් සුවිශේෂී භාණ්ඩ එකතුව සඳහා දැන් ඩිජිටල් ක්‍රමයට ආරක්ෂිතව ගෙවීම් කළ හැක.
එමෙන්ම, සෑම LankaQR ගනුදෙනුවක් සඳහාම නොමිලේ පිරිනමන ඩයලොග් Data වාසිද සමගින් ඒකාබද්ධ කර පාරිභෝගිකයන්ට පහසුව සලසන මෙම සහයෝගිතාවෙන්, ඔවුන්ගේ භාණ්ඩ මිලදී ගැනීමේ අත්දැකීම වඩාත් උසස් අත්දැකීමක් බවට පත් කෙරේ.
ඒ අනුව, දැන් පාරිභෝගිකයන්ට ODEL හිදී, විවිධ විලාසිතාවේ ඇඳුම් පැලඳුම්, පාවහන්, විලාසිතා උපාංග, රූපලාවණ්‍ය නිෂ්පාදන, ගෘහ අලංකරණ භාණ්ඩ, තෑගි භාණ්ඩ මෙන්ම පාරිභෝගිකයන් කැමැතිම ජීවන රටාව සඳහා ඉවහල් වන විවිධ සන්නාමයේ භාණ්ඩ ඇතුළුව, නිෂ්පාදන රැසක් සඳහා Dialog Pay හරහා ගෙවීම් කළ හැකිය.
මෙම සහයෝගිතාවෙන්, පාරිභෝගිකයන්ට වඩාත් ආරක්ෂිත මෙන්ම පහසු, ගෙවීම් ක්‍රමවේදයක් ඔස්සේ, වාසිද අත්විඳිමින්, තම භාණ්ඩ මිලදී ගැනීමේ අත්දැකීම වඩාත් ප්‍රතිඵලදායක කරගැනීමට අවස්ථාව උදාකර ඇත.
මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් ODEL හි අලෙවි ප්‍රධානී, ශවින්ද නෙල්සන් මහතා මෙලෙස සඳහන් කළේය. “ODEL හි අපි නිරන්තරයෙන් කටයුතු කරන්නේ, සුවිශේෂී සන්නාම, විවිධ තේරීම් සහ අත්දැකීම් එකතැන් කරමින් අපගේ පාරිභෝගිකයින්ගේ සාප්පු සවාරි අත්දැකීම අඛණ්ඩව ඉහළ නැංවීමටයි. ශ්‍රී ලාංකිකයන්ගේ භාණ්ඩ මිලදීගැනීමේ ක්‍රමවේදය අඛණ්ඩව වෙනස් වෙමින් පවතින පසුබිමක, ඔවුන්ට ඩිජිටල් ගෙවීමේ පහසුව සැලසීම, එම අත්දැකීම ඉහළ නැංවීමට උපකාරී වන වැදගත් අංගයක්. Dialog Pay සමග ඇති කරගත් මෙම සහයෝගිතාවෙන් , ODEL හි විලාසිතා සහ පාරිභෝගිකයන්ගේ කැමැතිම ජීවන රටාව සඳහා ඉවහල් වන භාණ්ඩ, වඩාත් ආරක්ෂිත හා වාසි අත්වන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් හා ඒකාබද්ධ කර මෙලෙස ලබාගැනීමට අවස්ථාව සැලසීමෙන්, ඔවුන් වෙනුවෙන් ඉහළම වටිනාකම් පිරිනැමීමට අපට හැකියාව සැලසෙනවා.”
MyDialog App සමග ඒකාබද්ධ කර ඇති Dialog Pay මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සේවා, බැංකු කටයුතු හා අනෙකුත් ගෙවීම් එක්කරමින්, සෑම ශ්‍රී ලාංකිකයකුගේම ඩිජිටල් ගෙවිම් සරල හා පහසු මෙන්ම ඔවුන්ට වාසිද හිමි ගනුදෙනු බවට පත් කිරීම ඩයලොග් හි අරමුණයි. පාරිභෝගිකයන්ට දැන් Dialog Pay App සහ MyDialog App හරහා තමeZ Cash ගිණුම භාවිත කර හෝ තමන් කැමැති බැංකු ගිණුමක් ඊට එක් කිරීම මගින්, ඉතා පහසුවෙන් Dialog Pay භාවිත කළ හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd