සාමූහිකව රට දිනවීම ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර ලෝක කුසලානය දිනා ඉකුත් සතියට වසර 25ක් සැපිරිණි. ශ්‍රී ලංකාව විල්ස් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ 1996 වසරේ මාර්තු මස 17 වැනිදා ය. පාකිස්තානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී අවසාන මහ තරගය පැවැති අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා විය. එම තරගය නැරැඹීමට 60,000කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ගෙන් බොහෝදෙනා පාකිස්තාන වැසියෝ ය. ඔවුහු ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ජයඝෝෂා නැගූහ. 23 March 2021
නවසීලන්තයේ රැකෝන් සමාගමට රෝයල් ෆර්න්වුඩ් හීට් ඉන්සියුලේටරයක් නිපදවයි උපාංගයක් ලෙස නවසීලන්තයේ රැකෝන් ලිමිටඩ් සමාගම සඳහා හීටර් ඉන්සියුලේටරයක් පසුගියදා නිෂ්පාදනය කළේය. රැකෝන් ලිමිටඩ් යනු ලෝකයේ ප්‍රමුඛතම සංඛ්‍යාත පාලන විසඳුම් නිර්මාණය සහ නිෂ්පාදනය කරමින් සබඳතා සහ සන්නිවේදන ක්ෂේත්රයේ ඉහළින්ම වැජඹෙන ගෝලීය ඉහළ තාක්ෂණික ආයතනයකි. 22 March 2021
මහජන සෞඛ්‍ය නිලධාරී ක්ෂේත්රයේ නිල සන්නිවේදන සම්පාදකයා ඩයලොග් ගෝලීය වසංගත තත්ත්වයට එරෙහිව සටන් කිරීමෙහිලා සෞඛ්‍ය අංශ ඵලදායී ලෙස බලගැන්වීමේ දැඩි අවශ්‍යතාවය හමුවේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ විෂය පථය යටතේ ඇති සියලු මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා, නිල සන්නිවේදන සම්පාදකයා ලෙස ඩයලොග් ආසිආටා (ඩයලොග්) ආයතනය අත්වැල් බැඳගෙන තිබේ 22 March 2021
CBL සමූහය වඩාත් ගෞරවාදරයට පත් සමාගම් 10 අතරට CBL සමූහය අඛණ්ඩව දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් වූ සමාගම් 10 අතරට තේරී පත්වීමට පසුගිය දා සමත් විය. 2019/2020 මුල්‍ය වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL) හා ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග Daily FT පුවත්පත එක්ව සිදුකළ ඇගයීම් පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම පිරිනමා තිබේ. 22 March 2021
ටයිල් කර්මාන්තය දියුණු කිරීමට මැක්ටයිල්ස් දැවැන්ත ආයෝජනයක් සියයට 90ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන මැක්ටයිල්ස් මෙරට ටයිල් අංශයෙන් ස්වයං පෝෂණය කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. සෞභාගයේ දැක්ම සංකල්පය අනුව යමින් විදේශ විනිමය භාණ්ඩ ආනයනය සඳහා අවභාවිතා නොකොට දේශීයව ස්වයං පෝෂණය විය යුතුය යන උදාර සංකල්පය යටතේ ටයිල් නිෂ්පාදනයේ නවතම සාමාජිකයා වන මැක්ටයිල්ස් ආයතනය මෙම දේශීය කර්මාන්තයේ පුනරුදයට සහභාගී වී ඇත. 22 March 2021
පවුල් හිමිකාරීත්වය සහිත ව්‍යාපාරවල උන්නතියට ලැයිස්තුගත වීමට ආරාධනා පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් කොටස් හුවමාරුවෙහි ලයිස්තුගත්වීම සඳහා දායක කරගැනීමේ අරමුණෙන් “Founder to Family-Leveraging Going Public” තේමාව යටතේ හමුවක් කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා එක්ව පසුගියදා කොළඹ, ශැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වීය. මෙම හමුව පැවැත්වීමේ මූලික අරමුණ වූයේ ව්‍යාපාරයේ පාලනය රඳවා තබා ගනිමින් ලයිස්තුගතවීම හරහා වන ප්රතිලාභ අත්පත් කරගන්නා අකාරය සහ ලයිස්තුගතවීම සම්බන්ධයෙන් සමාජයේ වන දුර්මත පිළිබඳ 22 March 2021
හම්බන්තොට වරාය නෞකා ඉන්ධන තොග වශයෙන් සැපයීම අරඹයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම සේවාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව ප්රමුඛ පෙළේ ගෝලිය ක්‍රියාකරුවෙකු වන සයිනොපෙක් ඔයිල් සමාගමේ මෙරට නියෝජිත සමාගම වන සයිනොපෙක් ලංකා සමාගම (SFOL) සමඟ හවුල් වී වරාය සතු එම්.වී කුමන ඉන්ධන යාත්‍රාව හරහා ඉන්ධන තොග වශයෙන් සැපයීම පසුගියදා ආරම්භ කළේය. 19 March 2021
Facebook සහ වෘත්තීය පුහුණු අධිකාරියෙන් ශ්‍රී ලංකාවට ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහනක් Facebook සමාගම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමග ඇතිකරගත් සහයෝගීතාව අනුව, ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් තාක්ෂණ හැකියාව සංවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් මාලාවක් හඳුන්වාදී තිබේ. Facebook සමාගමේ We Think Digital වැඩසටහනෙහි වැදගත් කොටසක් වශයෙන් මෙම ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ. 19 March 2021
‘‘රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව වැඩකිරීම වැදගත්‘‘ රටේ අනාගත ඉලක්ක හා අභිමතාර්ථ සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව වැඩකිරීම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 19 March 2021
‘‘කුරුඳු සිගරැට්ටුවට සමාජයේ වැඩි ඉඩක්‘‘ ශ්‍රී ලංකාවේ කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 19 March 2021
ඉන්දියානු ප්‍රධාන විධායකයේ මුදල් රාජ්‍ය ඇමැති හමුවෙති මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන් සංගමයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (17) පැවැත්විණි. 18 March 2021
හච් 5G අත්දැකීම එළිදක්වයි ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆෙස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථක ලෙස අත්හදා බලන බැලුවේය. 18 March 2021
ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය FITS සමඟ නඩත්තු ගිවිසුමක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය FITS ඒවියේෂන් (පුද්) සමාගම සමග Total 360’ ගුවන් යානා ඉංජිනේරු සහ නඩත්තු ගිවිසුමකට පසුගියදා අත්සන් කළේය 18 March 2021
රුසියාවේ ප්රමුඛ ධනවතෙක් කොළඹ වරාය නගරයේ සංචාරයක ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්රේ මෙල්නිචෙන්කෝ මහතා කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත විය. ඔහු සමඟ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු සහ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිරන්ජන් දේව ආදිත්‍ය මහතා ද එම අවස්ථාවට එක් විය. 18 March 2021
OPPo F19 PRO මාදිලිය ශ්‍රී ලංකාවට OPPO සමාගමේ F Series දුරකථන මාලාවේ මෙතෙක් එළිදුටු තාක්ෂණික වශයෙන් දියුණුතම මාදිලියක් ලෙස හැඳින්විය හැකි OPPO F19 Pro මාදිලිය ශ්‍රී ලංකාවට පසුගියදා හඳුන්වා දුන්නේය. 18 March 2021
බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අනුමැතිය - අදානි ව්‍යාපාර කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අදාල මූලික අනුමැතිය ශ්‍රී ලංකා රජයෙන් ලැබී ඇති බව ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහය සදහන් කර සිටී. 17 March 2021
හච් වෙතින් නවතම ඩෙට සැලසුම් රැසක් ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා පාරිභෝගිකයන් අතර ජනප්‍රිය හච්, කාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිවසේ සිට අධ්‍යාපන හා කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය ඩෙටා සැලසුම් රැසක් පසුගියදා හඳුන්වා දුන්නේය. වැඩිවෙමින් පවතින අවශ්‍යතාවක් වන ඔන්ලයින් පන්ති සහ දේශනවලට ප්‍රවේශ වීමට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් දැරිය හැකි මුදලකට මෙලෙස හඳුන්වා දී ඇතැයි හච් සමාගම සඳහන් කරයි. 16 March 2021
ලංකාව එක්ක මහජන චීන බැංකුව යුවාන් බිලියන 10 ක මුදල් ඒකක හුවමාරුව ශ්‍රී ලංකාව සමඟ යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමාරුවක් (Currency Swap) මහජන චීන බැංකුව අනුමත කළ බව චීනයේ බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.මෙම අන්තර් මුදල් ඒකක හුවමාරුව වෙනුවෙන් මහජන චීන බැංකුවේ අනුමැතිය පෙරේදා (14) ලැබුනු බවද එම තානාපති කාර්යාලය කියාලසිටී. 15 March 2021
ලිසිං සහන පැකේජය තව මාස 6 දීර්ඝ කරයි කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුත වූවන් සදහා ලබා දි තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 06 කින් දීර්ඝ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 15 March 2021
’ඇල්ටෙයාර්’ හෙට විවෘත කෙරේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයට අලුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හෙට (12) විවෘත කිරීමට නියමිතය. 11 March 2021
මාර්ග තදබදයෙන් වසරකට කෝටි 100 ක පාඩුවක් මාර්ග තදබදය නිසා 2019 වසර තුළ ශ්‍රී ලංකාවට දෛනිකව සිදුවී තිබෙන ආර්ථික අලාභය රුපියල් කෝටි 100 ක් ලෙස ගණන් බලා තිබේ. 09 March 2021
අඩු-වැඩි උද්ධමනය කියාදෙන පාඩම සත්‍ය තත්ත්වය අත්දැකීමෙන් දන්නා නිසා බොහෝ වැඩිහිටියෝ උද්ධමනය කුමක්දැයි දනිති. ඔවුන් මෙසේ එය ඔවුන්ගේ දරුවන්ට පැහැදිලි කරනු ඇත. “ ඒ දවස්වල අපේ පර්ස් එක (පසුම්බිය) අරගෙන ගිහින් මල්ලක් පිරෙන්න බඩු ගේනවා. ඒත් අද මල්ලක් පිරෙන්නේ සල්ලි ගෙනිහිල්ලා පසුම්බියකට බඩු දාගෙන එනවා”. ඇත්තෙන්ම අපි උද්ධමනය කියන්නේ ද එය යි. 09 March 2021
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය වෙත, 2021 ’’ලෙට්ස්’’ (Let’s Talk Cargo) සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන ද්විත්වයක් පිරිනමා තිබේ. 05 March 2021
රබර් කොළ මැලවීමේ දිලීරය මර්දනයට ඩ්‍රෝන යානාවල සහාය රබර් වගාවට බරපතල හානි ගෙන දෙමින් පැතිරි යන කොළ මැලවීමේ දිලීර රෝගය මැඩපැවැත්වීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගනිමින් දිලීර නාශක ඉසීමට යයි. 05 March 2021
ලග්ගල එනසාල් වලට හොද මිලක් මාතලේ - ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉපැරණි ගම්මාන වල වැවෙන එනසාල් සදහා හොද මිලක් ලැබී ඇතැයි ගොවිහු කියා සිටිති. 04 March 2021
රට රැකියා අවස්ථා ලක්ෂ 5 කින් ප්‍රයෝජන ගෙන ඇත්තේ 79,000 යි පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. 02 March 2021
රබර් වගාවේ අනාගත තීරකයා අතීතයේ දී රබර් වගාකරුවන් රබර් මිල පිළිබඳව, අද මෙන් කනස්සල්ලට පත්ව සිටි බවක් අපට මතක ඇති වසර 40-50ක ඉතිහාසයේ දී සඳහන් නොවේ. එයට ප්‍රධානතම හේතුවක් වන්නට ඇත්තේ එවකට රබර් මිලෙහි ඉතා ආකර්ෂණීය බවක් පැවතීම නොව එහි නිෂ්පාදන වියදම සාපේක්ෂව පහත මට්ටමක පැවතීම වන්නට ද පුළුවන. කෙසේ වුවද රබර් මිල වක්‍රාකාරව ඉහළ පහළ යෑම ස්වභාවික සංසිද්ධියකි. 02 March 2021
දියර කිරි මිල තීරණයට කමිටුවක් ගුණාත්මක බව පදනම්ව දියර කිරි මිල තීරණය කෙරෙණ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කළ බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය. 26 February 2021
වරාය නගරයට ආයෝජන ආකර්ශනයට නව පනතක් කොළඹ වරාය නගරයට ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා මීළඟ සභාවරයට නව පනතක් ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (25) ප්‍රකාශ කළේය. 25 February 2021
සංචාරකයින් ගෙන්න ගන්න 5 අවුරුදු සැලැස්මක් සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා පස් අවුරුදු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළ බව සංචාරක අමාත්‍යාංශ්‍ය කියා සිටී. 23 February 2021
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026