
(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ වරාය නගරයට ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා මීළඟ සභාවරයට නව පනතක් ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (25) ප්‍රකාශ කළේය.
කොළඹ වරාය නගරයට සෘජු විදෙස් ආයෝජන ආකර්ශනය කරගැනීමේ විශේෂ පනතක් ලෙස මෙය ඉදිරිපත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
කොළඹ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම කරුණු සඳහන් කළේය.
පසුගිය වසර පහ තුළ එවැනි පනතක් සම්මත කරගැනීමට නොහැකි වීමත් ඒ සඳහා නීති ප්‍රතිපාදන නොමැති වීමත් යන කරුණු හේතුවෙන් රට තුළට විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමට නොහැකි වූ බව ද කබ්රාල් අමාත්‍යවරයා කීවේය.
ඒ තුළින් රට තුළට නව සෘජු විදෙස් ආයෝජන ගෙන ඒමට බලාපොරොත්තු වන බව ද ඔහු කීය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙස ඉදිවන අතර ඒ වෙනුවෙන් කර ඇති මූලික ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4කි. එහි සමස්ත ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් වන අතර නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.
මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269 ක මෙම අලුත්ම භූමි ප්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට සහ සම්බන්ධීය කෙරේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගනය හා දූපත් වාසය ලෙස අනු කලාප 5 කින් සමන්විතය.
ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය, වර්ග මීටර ලක්ෂ 57 ක් වූ භෞමික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ ඒ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම් වලින්ද සමන්විතය. නූතන පරිසර හිතකාමී තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව කොළඹ වරාය නරගය ඉදි කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආදරේ පරිසරවේදීන්, උගතුන් ඉදිරිපත්කළ මත ඉවතදමා, රැවටිලිකාර චීනාගේ බහට මුලාවී හෝ බියවී... මව් රට වනසලා... පස්කියුබ් ලක්ෂ ගණනින් හාරලා, කළු ගල් ටොන් දහස් ගණනක් පුපුරවලා, ගොඩබිම සිට කිලෝමීටර 10කට එහා නොව ඊට ගොඩාක් මෙහා වෙරළට ආසන්නව මහමුහුද හාරා මුහුදේ වැලි හොරාගෙන... මිගමුව වැනි මුහුදුබඩ ප්‍රදේශ මුහුදු රකුසාට බිලිවෙන්න හැරලා, මෝඩම මෝඩ බයියන් හැදූ " බයියන්ගේ සුරංගනා නගරය " නොහොත් " යක්ෂයාගේ අඳුරු දුපත " ගැන දැන් දැන් බයියන් බිය පහළ කරන බව මට දැනගන්නට ලැබුණා. ඒ බයියන් හොර චීනාත් එක්ක හදපු නෙලුම් කුළුණ අද සල්ලි ගිලින සුදු අලියෙක් වී, රටට මහා ශාපයක් වෙමින් පවතින නිසයි. ලංකාවට පිරමිඩ සූදුව ගෙනාපු, බුද්ධිහීන ආර්ථික ඔස්තාර් දැන් හදන්නේ රටේ මිනිස්සුන් රවටලා, තව තවත් මව්රටට හානිකර පොරොන්දු දෙමින් කෙසේ හෝ විදේශීය ආයෝජකයින් මේ යක්ෂ නගරයට කැඳවා ගැනීමටයි. කුළුණට වුණුදේම යක්ෂයාගේ නගරයටත් වුණොත්... ඇත්තටම චිනාගේ එකම පැතුමත් එයයි. එවිට ණයට හිලව් වෙන්න හොර චීනා මේ නගරය අත්පත් කරගනීවි. එවිට රටවැසියන්ගෙන් තමන්ට මැරුම් කන්න වෙනබව දන්නා බයියෝ දැන් ප්‍රශ්න සාගරයක කරවටක් ගිලී සිටිති.
රටට ආදරේ පරිසරවේදීන්, උගතුන් ඉදිරිපත් කළ මත ඉවතදමා, රැවටිලිකාර චීනාගේ බහට මුලාවී හෝ බියවී ... මව් රට වනසලා... පස්කියුබ් ලක්ෂ ගණනින් හාරලා, කළු ගල් ටොන් දහස් ගණනක් පුපුරවලා, ගොඩබිම සිට කිලෝමීටර 10කට එහා නොව ඊට ගොඩාක් මෙහා වෙරළට ආසන්නව මහ මුහුද හාරා මුහුදේ වැලි හොරාගෙන... මිගමුව වැනි මුහුදුබඩ ප්‍රදේශ මුහුදු රකුසාට බිලිවෙන්න හැරලා, මෝඩ බයියන් හැදු " බයියන්ගේ සුරංගනා නගරය " නොහොත් " යක්ෂයාගේ අඳුරු දුපත " ගැන දැන් දැන් බයියන් බිය පහළ කරන බව මට දැනගන්නට ලැබුණා. ඒ බයියන් හොර චීනාත් එක්ක හදපු නෙලුම් කුළුණ අද සල්ලි ගිලින සුදු අලියෙක් වී, රටට මහා ශාපයක් වෙමින් පවතින විටයි. ලංකාවට පිරමිඩ සූදුව ගෙනාපු, බුද්ධිහීන ආර්ථික ඔස්තාර් දැන් හදන්නේ රටේ මිනිසුන් රවටලා, තව තවත් මව් රටට හානිකර පොරොන්දු දෙමින් කෙසේ හෝ විදේශීය ආයෝජකයින් මේ යක්ෂ නගරයට කැඳවා ගැනීමටයි. කුළුණට වුණුදේම යක්ෂයාගේ නගරයටත් වුණොත්... ඇත්තටම චිනාගේ එකම පැතුමත් එයයි. එවිට ණයට හිලව් වෙන්න හොර චීනා මේ නගරය අත්පත් කරගනීවි. එවිට රටවැසියන්ගෙන් තමන්ට මැරුම් කන්න වෙනබව දන්නා බයියන් දැන් ප්‍රශ්න සාගරයක කරවටක් ගිලී සිටිති.
රටට ආදරේ පරිසරවේදීන්, උගතුන් ඉදිරිපත්කළ මත ඉවතදමා, රැවටිලිකාර චීනාගේ බහට මුලාවී හෝ බියවී... මව් රට වනසලා... පස්කියුබ් ලක්ෂ ගණනින් හාරලා, කළු ගල් ටොන් දහස් ගණනක් පුපුරවලා, ගොඩබිම සිට කිලෝ මීටර 10කට එහා නොව ඊට ගොඩක් මෙහා වෙරළට ආසන්නව මහා මුහුද හාරා මුහුදේ වැලි හොරාගෙන... මිගමුව වැනි මුහුදුබඩ ප්‍රදේශ මුහුදු රකුසාට බිලිවෙන්න හැරලා, බයියන් හැදු " බයියන්ගේ සුරංගනා නගරය " නොහොත් " යක්ෂයාගේ අඳුරු දුපත " ගැන දැන් දැන් බිය පහළ කරන බව මට දැනගන්නට ලැබුණා. ඒ අය හොර චීනත් එක්ක හදපු නෙලුම් කුළුණ අද සල්ලි ගිලින සුදු අලියෙක් වී, රටට මහා ශාපයක් වෙමින් පවතියි. ලංකාවට පිරමිඩ සුදුව ගෙනාපු, බුද්ධිහීන ආර්ථික ඔස්තාර් දැන් හදන්නේ රටේ මිනිස්සුන් රවටලා, තව තවත් මව් රටට හානිකර පොරොන්දු දෙමින් කෙසේ හෝ විදේශීය ආයෝජකයින් මේ යක්ෂ නගරයට කැඳවා ගැනීමටයි. කුළුණට වුණදේම යක්ෂයාගේ නගරයටත් වුණොත්... ඇත්තට චිනාගේ එකම පැතුමත් එයයි. එවිට ණයට හිලව් වෙන්න හොර චීනා මේ නගරය අත්පත් කරගනීවි. එවිට රටවැසියන්ගෙන් තමන්ට මැරුම් කන්න වෙන බව දන්නා අය දැන් ප්‍රශ්න සාගරයක කරවටක් ගිලි සිටිති.