
(දයාසීලි ලියනගේ)
පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ මෙම අවස්ථාව ලැබී තිබුණ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙම කාලය තුළ සේවා වර්ගීකරණ 7 ක් යටතේ රැකියා අවස්ථා 13,76,465 ක් රටට ලැබී තිබුණු බවද සඳහන් වේ.
ඉන් ගෘහ සේවිකාවන් සඳහා 4,73,856 ක් ද , නුපුහුණු සේවා වර්ගීකරණය යටතේ රැකියා 2,80,261 ක් ලැබී තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.
ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ්‍රමිකයින් සඳහා ලැබී තිබූ රැකියා අවස්ථාවලින් ශ්‍රමිකයන් 32% ක් සඳහා පමණක් ශ්‍රමිකයින් යොමුකර තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කණගාටු දායක ප්‍රවෘත්තියක්... ලංකාවේ බොහෝ තරුණ, තරුණියන් රැකියා සොයාගැනීමට නොහැකිව අාර්ථික අතින් අතිශයින්ම දුක් පිඩාවිඳින විට අපට ලැබී තිබෙන අවස්ථා ප්‍රයෝඡනයට නොගෙන මෙම වටිනා අවස්ථා අපතේ හැරීම... මෙය ඉතාමත් අවාසනාවන්ත වන අතර මැදපෙරදිග රැකියා සොයා ඉතාමත් අඩුපඩියට අනේක දුක් කරදර මැද රැකියා කරන්නවුන්ගෙන් දිනපතා ඇසෙන අඳෝනා වල අඩුවක් පෙනෙන්නට නැත. ජර්මනිය තුළ පුහුණු කර්මිකයන් හා මෘදුකාංග ඉංඡිනේරුවන් වැනි ඉහළ මට්ටමේ ශ්‍රමිකයන් සඳහා ඉතා ඉහළ පඩි ලබන රැකියා සඳහා විශාල වශයෙන් රැකියා ඇබෑර්තු ඇත. මේ සඳහා ජර්මන් භාෂා නිපුණත්වය අතිරේක සුදුසු කමක් වේ. රටේ තරණ පරපුර නොමග යාම වැළැක්වීමේ අරමුණින් මෙම සිද්ධිය පිළිබඳ ගරු ජනාධිපතිතුමාගේ කාරුණික අවධානය ඉතා ඉක්මණින් යොමුවනු ඇතැයි මම තදින්ම විශ්වාස කරමි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මොනවද කරන්නේ...?
විදේශ සේවා නියුක්ති කාර්යාලයේ අකාර්යක්ෂම පාලනය පේනවා නේද? වෙනත් රටවල් එක්ක බලනකොට දුක හිතෙනවා. රස්සාවක් නැතිව තරුණ තරුණියන් මොනතරම් ඉන්නවද? තොරතුරු හරියට දැනගත්තා නම් හොරුන්ට අසු නොවී රට රැකියා වලට යන්න තිබුණා.