
(ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකාවේ කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය.
මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පවසයි.
කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට "බාල්දි පෙරළීමට" බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවකුගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බවය
කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැද්ද? මේ අය මේ යන්නේ දුම්කොල කර්මාන්තයට කඩේ... දුම්කොළ නිෂ්පාදනවල නම් මේ නිෂ්පාදන වලටත් දාලා. මේකෙන් හොඳටම වැටහෙනවා දුම්කොළ කර්මාන්තයේ කප්පමක්ම තමයි මේක කියලා...
කුරුඳු ඕනෑ නම් පරිප්පුවලට දාලා කෑවට කමක් නෑ. එ්ත් ඕනෑ දුම්පානයක් එකසේ පිළිකා කාරකයන් බව මතක තබාගන්න. ගූගල් සෙවුම් යන්ත්‍රය පාවිච්චි කරලා මේ කියනදේ තහවුරු කරගන්න. ඔබගේ ජීවිතේ කෙටිකර ගැනීමට අවශ්‍ය කෙනෙක් වේනම් මේවා පාවිච්චි කරන්න.
දුම් බීම ශරීරයට අහිතකර වූවත් විමල් දුම්කොල නැති දුම්පානයක් සඳහා පෙනි සිටිනවා
කවුරු මොන කතා කිව්වත්, මොන ජාතියෙන් වුණත් දුම්බීම හොඳ නෑ. දේශීය වේවා විදේශීය වේවා දුම්බීමෙන් වෙන්නේ පෙනහලු පිරෙන්න තාර පුරවාගෙන අවුරුදු 25ක් කලින් මැරෙන එක... ලංකාවේ දුම්බීමෙන් වසරකට මැරෙන ප්‍රමාණය 20,000ක්...
ඔය පෙට්ටිවලත් දුම්පානයේ ආදීනව සඳහන් කරන ආණ්ඩුවේ උපදෙස් ලොකු අකුරෙන් පළකරනවද? දුම්පානය බැරිනම් වෙන මොන පානයක් හරි හදන කෙනා හදපුදෙන්. නමුත් ආණ්ඩුවේ මුල්පෙළේ ජනප්‍රිය ඇමතිවරයෙක් හැටියට මේ කලේනම් රටේ හෝ පොදුජනතාවගේ හෝ සෞඛ්‍ය පිළිබඳ වගකීමක් ගැන නොසලකන ඉතාම බාල ක්‍රියාවක්. මුන්නැහේම නේද ඉස්සර පාසල් ළමුන්ට පරිගණක දෙන්න ගිය වෙලාවේ ඒවායින් ළමයින්ට පිළිකා බෝවෙනවා කියලා බෙරිහන් දුන්නේ... හොද්දට දාන ඒවා කොලේක ඔතලා බීවාම පිළිකා හොඳ වෙනවා ඇති එහෙනම්...