
(දයාසීලි ලියනගේ)
රබර් වගාවට බරපතල හානි ගෙන දෙමින් පැතිරි යන කොළ මැලවීමේ දිලීර රෝගය මැඩපැවැත්වීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගනිමින් දිලීර නාශක ඉසීමට යයි.
මෙම දිලීර රෝගය දැනට කෑගල්ල හා කළුතර ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතී. රබර් වගාවක කොළ හැලීම 50% කට වඩා වැඩි නම් රබර් කැපීම කළ නොහැකි බව සමාගම් වතු ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා කීය.
මේ තත්වය නිසා රබර් කිරි නිෂ්පාදනය 30% කින් පමණ පහළ බැසීමක් විය හැකි බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙම දිලීර රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිරී යාමේ අනතුරක් පවතින බවද ඇමැතිවරයා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd