(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉපැරණි ගම්මාන වල වැවෙන එනසාල් සදහා හොද මිලක් ලැබී ඇතැයි ගොවිහු කියා සිටිති.
මේ දිනවල එනසාල් කිලෝවක් රුපියල් 17,000 ක් වැනි මිලකට අලෙවි වන බවත් ගොවිහු කියා සිටිති.
නකල්ස් රක්ෂිත භූමියේ කළු පහන ප්‍රදේශයේ දී බහුලව වගා කෙරෙනු එනසාල් වගා සිදුවන පරිසර හානි හේතුවෙන් තහනමට ලක් කෙරිණි.
පසු කාලීනව ලග්ගල - රණමුරේ,නාරංගමුව,ඇටැන්වල,රත්නින්ද වැනි පැරණි ගම්මානවල මද වශයෙන් එනසාල් වගා කර තිබිණි.
මේ වන විට ගෙවතු ආශ්‍රිතව ද කුඩා කුඩා වශයෙන් එනසාල් වගා කර තිබේ.
මෙසේ වගා කර ඇති එනසාල් සදහා හොද මිලක් පැවතීම හේතුවෙන් ගොවීන් ද එනසාල් නෙලිමේ කටයුතු ආරම්භ කර තිබේ.
පාරම්පරික එනසාල් වගා කටයුතු වලින් ඉවත් වී අද වන විට විවිධ වෙනත් වගාවන් කෙරෙහි අවධානය යොමු කර ඇති ලග්ගල ගොවීන් රජයෙන් ඉල්ලා සිටියේ ගෘහ ආශ්‍රීතව හා සිය වගා භූමි වල වගා කළ හැකි එනසාල් ප්‍රභේද සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් දැනට සිදුකරනු ලබන වගාවන්ට අමතර ආදායමක් තමන්ට ලබාගත හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය විනාශ කරන වගාවක්...
පරිසරය දූෂණය සිදුකරන මෙවැනි භෝග තහනම් කළ යුතුයි.
මැදපෙරදිග රටවල්වල දැනට ග්‍රෑම් 100ක් යූරෝ 4ත් - 5ත් පවතින බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු. මේක හැමකෙනෙකුටම සිය ගෙවත්තේ හදාගන්න පුළුවන් දෙයක්... දැන් වෙළඳපළේ තියන තත්වය අනුව, මේ බෝගයත්, කහ වගේ කහවණු බෝගයක් බවට පත්වෙලා හමාරයි...!!!