
(ටී.කේ.ජී. කපිල)
සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය වෙත, 2021 "ලෙට්ස්" (Let's Talk Cargo) සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන ද්විත්වයක් පිරිනමා තිබේ.
භාණ්ඩ සේවා විශිෂ්ඨතා සම්මානය (Cargo Service Excellence Award) සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය සදහා වූ සම්මානය (Absolutely Cargo Award Groth) එම සම්මාන ද්විත්වයයි.
කොවිඩ්-19 වසංගත රෝගී තත්වය ව්‍යාප්ත වීමත් සමග ගෝලීය ගුවන් ගමන් තාවකාලිකව නතර වී තිබූ අවස්ථාවක, සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ වෙත භාණ්ඩ සහ ගුවන් මගීන් රැගෙන ගුවන් ගමන් ආරම්භ කළ පළමු ගුවන් සේවා අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද සිටියි.
උසස් පාරිභෝගික සේවාවක් සපයමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ, පෞද්ගලික වෛද්‍ය උපකරණ ඇතුළු හදිසි ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරමින්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සදහා වේගවත්, නව්‍ය විසදුම් ලබා දීම මෙම සම්මාන ද්විත්ව ලබා දීමට හේතු වී තිබේ.
එමෙන්ම පසුගිය මාස 10 ක කාළය තුළ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලාංකිකයන් 1,500 දෙනෙකු ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ.
සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ ලෝකයේ විශාලතම ගුවන් කේන්ද්‍රස්ථානයක් වන අතර එහි වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 68 ක් සහ ගුවන් යානා 382,000 ක් සහිත මෙට්‍රික් ටොන් මිලියන 03 ක ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක්... ලෝකයේ වැඩිම පාඩු ලබන සහ සේවකයන් සිටින ගුවන් සමාගම නිසා වෙන්නට ඇත.
මේක හොඳ භාණ්ඩ ප්‍රවාහනයට විතරයි. මිනිස්සුන්ට කොහොමත් ඕකේ යන්න බැහැ. ගිනි ගණන්. ඉතාමත් අසාර්ථක කළමනාකරණයක් තියෙන්නේ. එමිරේට්ස් එකෙන් කරන කාලේ ඉතාම හොඳම සේවයක්.. තරගකාරී මිලක් වගේම ලාභත් ලැබුවා. රාජපක්ෂලා ඒක කා දැමුවා.
වැරදීමක්..!!!
රටේ බදු මුදල් වලින් මිලියන කෝටි ගණන් පාඩු ලබන ශ්‍රී ලංකන් එකට මොන සම්මාන දුන්නත් ඇති වැඩේ මොකද්ද මහත්තයෝ?