නව Nissan මැග්නයිට් රථය ශ්රී ලංකාවේ වෙළෙඳපොළට
ශ්රී ලංකාවේ Nissan වාහන සඳහා බලයලත් බෙදා හරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) ශ්රී ලංකාවේ වෙළෙඳ පොළට නව Nissan මැග්නයිට් හඳුන්වා දුන්නේය. වඩාත් කැපී පෙනෙන පෙනුමකින් මෙන්ම වැඩිදියුණු කළ ආරක්ෂක විශේෂාංග සහ නවීන තාක්ෂණය සමගින්, වඩාත් විශ්වාසදායක නිර්මාණයක් ලෙස, නව මැග්නයිට් මෝටර් රථය වෙළෙඳ පොළට පැමිණෙයි. Nissan මැග්නයිට් රථය එහි වඩාත් දීප්තිමත් හා ශක්තිමත් පෙනුමෙන් කැපී පෙනෙන අතර ඉන් පාරිභෝගිකයාට විශ්වාසය ද ඇති කරයි.