මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳව ලිපියක් පළ කරමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ මෙරට වෙරළ තීර, පුරාණ බෞද්ධ ස්ථාන සහ වන ජීවීන් නැරඹීම සඳහා අතීතයේ සිට සංචාරකයන් මෙරටට ඇදී ආ බවත් මෙරට ප්‍රථම මාක්ස්වාදී ජනාධිපතිවරයා ඉන්දියාවේ සහ චීනයේ ධනවත් ඉහළ පෙළේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට කැසිනෝ මත යැපීමට තීරණය කර ඇති බවත්ය.
කැසිනෝ උපාය මාර්ගය සාර්ථක කර ගැනීමට හැකිවීම ලබන මස ධුර කාලයේ වසරක් සම්පූර්ණ කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉතා වැදගත් බවද එම පුවත් සේවය ප්‍රකාශ කළේය. ආර්ථික අර්බුදයෙන් කඩා වැටුණු ජන ජීවිතය නැවත නගා සිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකිකයන්ට පොරොන්දුවක් ලබාදී තිබෙන බවද එම පුවත් සේවය පැවැසුවේය.
ශ්‍රී ලංකාවට පසුගිය මාසය වනතෙක් තිබුණේ කුඩා කැසිනෝ සමාජ ශාලා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අතින් පසුගියදා කැසිනෝ සංකීර්ණයක් විවෘත වූ බවත් එම පුවත් සේවය සඳහන් කළේය. සුදු ක්‍රීඩාව නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් බවත් ඉන් කර්මාන්තයට ජනාධිපති අනුර කුමාර මහතා ලබාදෙන වැදගත්කම පෙනී යන බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
මෙරට සංචාරක ක්ෂේත්‍රය සඳහා ලබාදෙන තල්ලුව මෙම වසරේදී මෙරටට සංචාරකයන් සියයට 50 කින් ලක්ෂ 30 දක්වා වැඩි කරගැනීමේත්, පසුගිය වසරේ මෙරට සංචාරක ආදායම වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 මෙම වසරේදී ඩොලර් බිලියන 5 දක්වා වැඩිකර ගැනීමේත්, සැලසුමේ කොටසක් බව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු සඳහන් කළ බවද එම පුවත් සේවය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනවත් සංචාරකයන් ගෙන්වා ගැනීමට කැසිනෝ මත යැපෙන සැලැස්මක් - රොයිටර්