IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


KLC නිර්මාතෘටAsia Miracle සම්මාන

කඩවත  Korean Language Centre (KLC) නිර්මාතෘ ටාරා රාජපක්ෂAsia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කොරියානු භාෂා ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. ගුරුවරියක ලෙස වසර 25කට වැඩි අත්දැකීම් සහිත ඇය දකුණු කොරියානු රැකියාවලට යොමු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මග පෙන්වයි. 

KLC ආයතනය කොරියානු භාෂා යෝග්‍යතා විභාගයට (EPS-TOPIK)  පෙනී සිටි සිසුන් දහස් ගණනකට භාෂා පුහුණුව දී ඇත. ඒ අතරින් විශාල පිරිසක් ඉහළ ලකුණු ලබා විභාගය සමත් වී රැකියා සඳහා දකුණු කොරියාවට ගොස් තිබේ. සෑම සිසුවකු කෙරෙහිම වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කරන  KLC ආයතනය සාර්ථකව විභාගයට මුහුණ දීමට ඔවුන්ට අවශ්‍ය කුසලතා සහ ආත්ම විශ්වාසය ගොඩ නඟයි. 

කොරියානු හෝඩියේ පටන් විභාගයට මුහුණ දීමට අවශ්‍ය සියලු‍ කරුණු ඇතුළත් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කෙරේ. කොරියානු රැකියා විභාගය වාර්ෂිකව පවත්වන නමුත් නිශ්චිත දිනයක් නොමැති නිසා මාස හයක්, අවුරුද්දක් හෝ ඊටත් වැඩි කාලයක් පන්තිවලට සහභාගී වෙමින් විභාගය පැවැත්වෙන දිනය දක්වාම අමතර ගාස්තුවකින් තොරව භාෂා පුහුණුව ලැබිය හැකිය. දෙරට රජය අතර ඇති කර ගත් ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව දකුණු කොරියානු රැකියා කෝටාවක් හිමි වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා නොමිලයේ ලැබෙන එම රැකියා හිමි කර ගැනීමට EPS-TOPIK (Employment Permit System - Test of Proficiency in Korean) විභාගයට පෙනී සිටිය යුතුය. එය සමත් වන අවුරුදු 18-39 අතර ඕනෑම ශ්‍රී ලාංකිකයකුට රැකියා හිමි වේ. 



අදහස් (0)

KLC නිර්මාතෘටAsia Miracle සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site