භානුක අමරසිංහ
මෙරටබැංකු නොවන මූල්‍ය සමාගමක් වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 4ක ණය පහසුකමක් හිමිව ඇතැයි පවසයි. ඊයේ දිනයේදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මේ බව අනාවරණය කර තිබේ.
මෙහිදී නෙදර්ලන්තයේ පිහිටි Triple Jump Investment Management Company නම් ආයෝජන සමාගමක් මගින් මෙම ණය පහසුකම ලබාදී ඇත. ඊට සම්බන්ධASN Microkredietpool (AMP) නම් ක්ෂුද්‍රමූල්‍ය අරමුදලක් හරහා මෙම මුදල් ලබාදී ඇත. මෙම ණය මුදල වාරික කිහිපයක් යටතේ හිමිවනු ඇතැයිද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.
එසේම මෙම සහයෝගිත්වය හරහා ලැබෙන අරමුදල් මගින් මෙරට තුළ දෛනික වැටුප් ලබන පිරිසට අවශ්‍ය නිවාස ණය ලබාදීම, තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා කුඩා පරිමාණ ගොවීන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ ලබාදීම සහ ග්‍රාමීයව පිහිටි හා කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ව්‍යවසාය වෙත ගැළපෙන මූල්‍ය සහයෝගිතාව ලබා දෙමින් ඒවා දියුණු කිරීමත් සිදු කළ හැකි වනු ඇතැයිද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd