IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


Mahindra Ideal Finance වෙතින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට චක්‍රීය ණය පහසුකමක්

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගමක් වන  Mahindra Ideal Finance Limited (MIFL), විසින් නව චක්‍රීය ව්‍යාපාර ණය පහසුකමක්  (MIFL Revolving Business Loan)  හඳුන්වා දී ඇත. මෙය රට පුරා සිටින විවිධ වාහන සන්නාම ආනයනකරුවන්ගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME)  හිමියන්ගේ කෙටි කාලීන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ණය පහසුකමකි.
වාහන ආනයනකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන පොදු අභියෝගවලට විසඳුම් ලබා දීම මෙම නව චක්‍රීය ණය පහසුකම නිර්මාණය කිරීමේ අරමුණයි. මෙම අභියෝග අතරට අවිධිමත් මුදල් ප්‍රවාහය, ගෙවීම් ලැබීමේ ප්‍රමාදය මෙන්ම කොටස් මිලදී ගැනීමට සහ කළමනාකරණය කිරීමට ඉක්මනින් මුදල් අවශ්‍ය වීම ආදිය ඇතුළත් වේ. තවද මෙම පහසුකම වාහන ආනයනකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දැන් වෙළෙඳපොළේ ඇති නව ව්‍යාපාරික අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ද උපකාරී වේ.
මෙම නව චක්‍රීය ව්‍යාපාර ණය පහසුකම සඳහා අනුමැතිය ලබා ගත යුත්තේ එක් වරක් පමණි. ඉන්පසු, ව්‍යාපාර හිමිකරුට මුදල් අවශ්‍ය වන සෑම අවස්ථාවකම නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවේ. ඒ වෙනුවට, ඔවුන්ට නම්‍යශීලී ණය ක්‍රමයකට ප්‍රවේශය ලැබෙන අතර එමඟින් ඔවුන්ට මුදල් ලබාගෙන අවශ්‍ය වාර ගණනක් ආපසු ගෙවිය හැකිය. එය ඔවුන්ගේ ව්‍යාපාරයේ සාමාන්‍ය මෙහෙයුම්වලින් මුදල් ලැබෙන හා පිටතට යන ආකාරය මත රඳා පවතී. තවද ව්‍යාපාර හිමියන්ට මේ සඳහා ලේඛන කටයුතු ඉදිරිපත් කිරීමට සිදු නොවන නිසා ඔවුන්ගේ කාලය ඉතිරි කරගත හැකිය. එමගින් ඔවුන්ගේ දෛනික මෙහෙයුම් කටයුතු කළමනාකරණය කිරීම පහසු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Mahindra Ideal Finance  හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා පවසන්නේ විවිධ වාහන සන්නාම ආනයනකරුවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අනෙකුත් ව්‍යාපාර හිමිකරුවන් සමඟ ශක්තිමත්, දිගුකාලීන සබඳතා ගොඩනඟා ගැනීම  MIFL  හි වර්ධනයට ඉතා වැදගත් මෙන්ම එය සමාගමේ ප්‍රමුඛතාවක් වන බවයි. මීට අමතරව  MIFL  හි සාර්ථකත්වයට හේතු වී ඇත්තේ වාහන ආනයනකරුවන් සහ අනෙකුත් ව්‍යාපාර හිමිකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට සහ ඔවුන් මුහුණ දෙන අභියෝග පැහැදිලිව අවබෝධ කර ගැනීමට ඇති හැකියාව බව ඔහු පවසයි.
 MIFL  හි මෙම චක්‍රීය ව්‍යාපාර ණය පහසුකම විශ්වාසදායක, භාවිතයට පහසු වන පරිදි සහ විනිවිදභාවයෙන් යුතුව නිර්මාණය කර ඇති අතර ව්‍යාපාර හිමියන්ට වඩාත් විශ්වාසයෙන් මූල්‍ය තීරණ ගැනීමට එය උපකාරී වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

Mahindra Ideal Finance වෙතින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට චක්‍රීය ණය පහසුකමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site