IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘උතුරු මහ ඇමතිගෙන් සහායක් නෑ‘

උතුරු පළාත් අමාත්‍ය සී.වී විගනේස්වරන් සංවර්ධන ව්‍යාපෘතීන් වැනි කරුණු වලදී රජය හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නැතැයි ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහ ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය නිසා අවසානයේ දුක්විදීමට සිදුවන්නේ උතුරු පළාතේ ජනතාවට බවයි.

කොළඹ නගර සභාවේ පාලනය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වුවද ඔවුන් නාගරික සංවර්ධන අමාත්‍යංශය හා ඉතා සහයෝගයෙන් කටයුතු කරන බවත් එනිසාම කොළඹ නගරය ආසියාවේ අලංකාරම නගරයක් බවට දැන් පරිවර්තනය වෙමින් තිඛෙන  බවත් ආරක්ෂක ලේකම් වරයා කියයි

විරුද්ධ පාක්ෂිකයින් යැයි කියා රජය ඉදිරිපත් කරන සෑම දෙයකටම විරුද්ධ නොවී රජය හා සහයෝගයෙන් පොදුජන හිතසුව වෙනුවෙන් වැඩකළ යුතුව ඇතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.



අදහස් (0)

‘උතුරු මහ ඇමතිගෙන් සහායක් නෑ‘

සේනාරත්න Monday, 22 September 2014 03:51 AM

ඔවුන්ගේ අපේක්ෂාව උතුරේ සංවර්ධනය අඩපණකර රජය ලෝකය ඉදිරියේ අපහසුතාවයට පත්කිරීමයි. අනික රජය උතුරට වැඩක් කරන්නේ නැති බව දෙමළ ජනතාවට පෙන්වීමයි.මේ ක්‍රමයට ඊළාම් ලබා ගන්න පුලුවන්ද? ඔබලා පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද? මොකක්ද සිංහලය එක්ක තිබෙන මෙතරම් වෛරය.? ඇයි විනාශයම ප්‍රාර්ථනා කරන්නේ. ඔබලා කවදාවත් සතුටින් ජීවත්වෙන්නේ නැ.ඔබලාට කවදාවත් ඊළාම් ලැබෙන්නෙත් නැ (ස).

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 20 September 2014 12:28 AM

ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමා කරගෙන යන සංවර්ධන වැඩ දිගටම කරගෙන යන්න. විග්නේශ්වරන් නැතිවුණාට දෙමළ ජනතාව ඔබ සමඟ සහයෝගයෙන් ඉඳීවි. (නි)

:       0       0

අනුර Friday, 19 September 2014 01:37 AM

විග්නේෂ්වරන් මහත්තයෝ, බොහොම අමාරුවෙන් අපි කොටින්ගෙන් රට බේරාගත්තේ. මහත්තයෝ, නිතරම දෙවියන් යදිමින් ඉන්න. මේක අපේ රට බව අමතක කරන්න එපා. (නි)

:       0       0

තිවංක Thursday, 18 September 2014 07:49 AM

ඔය මිනිහට දෙමළ ජනතාව ගැන කැක්කුමක් නෑ .කොටි ටික නලවන්නයි මිනිහට ඕන (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 531 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site