- Mad Over Donuts සහ Wow! Momo ඒ අතර
- සිංගප්පූරු බේකරි සන්නාමයක් වන Tiong Bahru හඳුන්වාදීමේ සැලසුමක
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සිය ආපනශාලා ව්‍යාපාරය යටතේ අලුතින් ඉන්දියානු සන්නාම දෙකක් මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීමට සූදානමින් සිටින බව පවසයි. ඒ අනුව ඉන්දියානු ඩෝනට් පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රිය Mad Over Donuts සහ කෙටි ආහාර සඳහා වඩාත් ජනප්‍රිය Wow! Momo යන ආපනශාලා සන්නාම මෙලෙස හඳුන්වාදීමට නියමිතව තිබේ.
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගියදා නිකුත් කළ 2025/26 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව තුළ මෙම කරුණු අනාවරණය කර තිබේ. විශේෂයෙන්ම කොළඹ නගරය තුළ වඩාත් වේගයෙන් පුළුල් වන සුපිරි සාප්පු සංකීර්ණ ආශ්‍රිත ආහාර අලෙවි වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් මෙම හඳුන්වාදීම් සිදු කරන බව සමාගම පවසයි.
මීට අමතරව ඉදිරියේදී සිංගප්පූරුවේ වඩාත් ජනප්‍රිය බේකරි සහ කැෆේ සංකල්පයක් සහිත Tiong Bahru Bakery සන්නාමයද හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බවත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි. අද වනවිට සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්හි ආපනශාලා ව්‍යාපාරය සතුව අලෙවිසල් 43ක් පවතී. ඒ අතර අතර Burger King 22ක්, Baskin-Robbins 7ක්, Popeyes 6ක්, Delifrance 4ක්, Subway 3ක් සහ Crystal Jade 1ක් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd