- 2025 වසරේ මුල් මාස අටට සාපේක්ෂව සියයට 10ක අඩුවිමක්
- අගෝස්තුවේ සංචාරක ආදායම ඩො.මි. 264.4ක් දක්වා සියයට 2.1ක වර්ධනයක්
ජනවාරි සිට අගෝස්තු දක්වා ගත වූ මුල් මාස අට තුළ සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,061.1ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී හිමි වූ ඩොලර් මිලියන 2,290 ක ආදායම හා සැසඳීමේදී සියයට 10ක අඩුවීමකි.
මෙහිදී වසරේ මුල් මාස අට තුළ පැමිණි සංචාරකයන් 1,535,122 ක් හරහා මෙම ආදායම ලැබී තිබේ. කෙසේ වෙතත් මෙම පැමිණීම් 2025 වසරේ එම කාලසීමාවේදී පැමිණි 1,566,523 හා සැසඳීමේදී සියයට 2ක අඩුවීමකි.
අගෝස්තු සංචාරක පැමිණිම් 191,704 ක් ලෙස සටහන්ව ඇති අතර, ඔවුන් හරහා ලැබුණු ඩොලර් ආදායම ඩොලර් මිලියන 264.4කි. මෙය 2025 අගෝස්තු මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 258.9ක ආදායමට සාපේක්ෂව සියයට 2.1ක වර්ධනයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd