- මෙගාවොට් 10 ක ධාරිතාවකින් සහ මෙගාවොට් පැය 40 ක ධාරිතා ගබඩා ප්‍රමාණයකින් යුක්තයි
ගාල්ල, බටදූව ප්‍රදේශයේ ස්ථාපිත දකුණු පළාත් බැටරි බලශක්ති ගබඩා පද්ධතිය, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ ජාතික විදුලි පද්ධතියට නිල වශයෙන් සම්බන්ධ කෙරිණි.
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා මෙම බැටරි පද්ධති ස්ථාපනය කර තිබේ.
මෙගාවොට් 10 ක (10 MW) ධාරිතාවකින් සහ මෙගාවොට් පැය 40 ක (40 MWh) ධාරිතා ගබඩා ප්‍රමාණයකින් යුත් මෙම එක් බලාගාරයක් සඳහා සාමාන්‍යයෙන් රුපියල් බිලියන 1.73 ක පමණ පිරිවැයක් දරන අතර, මේ සඳහා මහා පරිමාණ Lithium-ion (ලිතියම්-අයන් සහ පොස්පරස්) කන්ටේනර් වර්ගයේ (Containerized BESS) බැටරි පද්ධති තාක්ෂණය භාවිත කරයි.
මිලි තත්පර ගණනකින් ක්‍රියාත්මක වීමේ හැකියාව ඇති බැවින්, ජාතික පද්ධතියේ කිසියම් බලාගාරයක් බිඳ වැටුණහොත් ක්ෂණිකව සංඛ්‍යාතය පාලනය කර විදුලිය විසන්ධි වීම වැළැක්වීමට මෙම පද්ධතිය සතු විශේෂත්වයයි.
සූර්ය සහ සුළං වැනි පුනර්ජනනීය බලශක්ති බලාගාර බහුලව පවතින ප්‍රදේශවල විදුලි රැහැන් පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා, මෙම බැටරි පද්ධති සියල්ලම ඒ අසල ඇති උපපොළවල් (Grid Substations) 16 ක් කේන්ද්‍ර කරගනිමින් මෙලෙස පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd