- 2026 අයවැවෙන් සංවර්ධනයට වෙන් කළ මුදල රු. බි. 25ක්
- ජනවාරි සිට ලි දක්වා ආරම්භ කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 15,646ක්
වත්මන් රජයේ 2026 අයවැය හරහා රටෙහි සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ රුපියල් මිලියන 25,000 ක මුදලින්, පළමු මාස හත අවසන් වන විට රුපියල් මිලියන 22,425 ක් වටිනා සංවර්ධන ව්‍යාපෘති 15,646ක් ආරම්භකර තිබෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මුදල් අයවැය හරහා වෙන්කර තිබේ. ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කර හඳුනාගත් ඉදිකිරීම් සහ ඉදිකිරීම් නොවන සංවර්ධන ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, 2026 ජූලි 31 වන විට රුපියල් මිලියන 22,425ක වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් ආරම්භ කර තිබේ. ඉන් සියයට 53.2ක්, එනම් ව්‍යාපෘති 8,323ක්, ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වන අතර, ඉතිරි සියයට 46.8ක්, එනම් ව්‍යාපෘති 7,323ක්, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ලෙස හඳුනාගෙන තිබේ.
ඊට අදාළව, මේ වන විට පරිපාලන දිස්ත්‍රික් මට්ටමින් ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීම් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd