
වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ පස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් වශයෙන් සිය විශිෂ්ට කළමණාකරන භාවිතයන් ඉදිරිපත් කිරීමට තෝරාගත් සමාගම් හතෙන් එකක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තේරී පත් විය.
ඔවුන්ට මෙම අවස්ථාව හිමි වූයේ ඔවුන් විසින් අනුගමනය කරන ලද නිවැරදි සෞඛ්‍ය හා ආරක්‍ෂක නීති රෙගුලාසි හේතුවෙනි.
HIPG මානව සම්පත් කළමනාකරණ කණ්ඩායම නියෝජනය කරන HIPG හි, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, මානව සම්පත් සහ පරිපාලන - ජීවන් එම්. ප්‍රේමසර, ජ්‍යෙෂ්ඨ කළමනාකාර මානව සම්පත් හා ප්‍රාදේශීය කටයුතු - බුද්ධික සඳරුවන්, මානව සම්පත් සහ පරිපාලන කළමනාකරු - හසිත ලක්මාල් යන මහත්වරුන් විසින් “හම්බන්තොට වරාය සමූහයට සම්බන්ධව පශ්චාත් කොවිඩ්-19 වසංගතය තුළ මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයන්ගේ අභියෝග හා කාර්ය භාරය” යන මැයෙන් සම්පාදිත ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.
මෙවර සම්මන්ත්‍රණයේ තේමාව ‘‘ගෝලීය අර්බුද සහ අනාගතයේ කාර්යයන් සිදු කිරීම” වූ අතර දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ, පෞද්ගලික, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය සාධනය තුළ මානව සම්පත් කළමනාකරණ භාවිතයන්හි සඵලතාව කෙරෙහි සම්මන්ත්‍රණයේදී අවධානයට යොමු විය.
වසංගතය අතරතුර වරාය සිය එදිනෙදා මෙහෙයුම් කටයුතු කිසිවක් නතර නොකර තම කාර්යය මණ්ඩලය සාර්ථකව හසුරුවා ගත් ආකාරය මෙම ව්‍යාපාර පර්යේෂණ වාර්තාව මගින් ඉදිරිපත් කර තිබුණි.

2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හම්බන්තොට වරායේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාව CIPM අවදානයට