IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලාෆ්ස් ගෑස් - ලිහිසිතෙල් නව ලාංඡන දෙකකින්

ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම සිය ගෑස් සහ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා නව වෙළද ලාංඡන හා ඇසුරුම් සමගින් ප‍්‍රචාරණ වැඩසටහන් මාලාවක් පසුගියදා හඳුන්වා දුන්නේය.

සමාගමේ නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර තලයේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට මෙම නව හඳුන්වා දීම් කළ බව එම සමාගම පවසයි.

”අප සමාගම නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා. අප ලාංඡන මෙසේ නවමු මුහුණුවරකින් ඉදිරිපත් කිරීම මගින් සංකේතවත් වන්නේ එයමයි. පාරිභෝගිකයන්ට සමීප වෙමින් ඔවුන්ට වැඩිවැඩියෙන් වටිනාකම් තිළිණ කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා. මේ නව වෙනස්කම් සමගින් සමාගමේ ඉදිරි දශකයේ වර්ධනය සඳහා ප‍්‍රවේශයක් ලබාගැනීම අපගේ පරමාර්ථයයි.”යැයි ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා කියයි.


1995 වසරේදී ආරම්භ වූ ලාෆස් සමාගම 4,000 කට අධික කාර්ය මණ්ඩලයකින් සතු වෙයි.
“ද්‍රව පෙට්‍රෝලියම් වායු දහනය වන දැල්ලේ රටාවෙන් නිම කර ඇති එය ශ‍්‍රී ලංකාවේ හැඩය ද නිරූපණය කරනවා.නිල් දැල්ල මගින් ද්‍රව පෙට්‍රෝලියම් වායුවල පිරිසිදු සහ කාර්යක්ෂම දහනය නිරූපණය කරනවා. ලිහිසි තෙල් සඳහා වන නව ලාංඡනය තෙල් බිඳක ස්වාභාවික හැඩය පදනම් කරගෙන නිර්මාණය කර තිබෙනවා.එය ද ශ‍්‍රී ලංකාවේ හැඩය නිරූපණය කරනවා “

මෙම සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස සිනමා නිළි පූජා උමාශංකර් මහත්මිය පත්කර ඇතැයි එම සමාගමේ කළමණාකාරීත්වය පවසයි. බංග්ලාදේශයේ ද ව්‍යාපාර ආරම්භ කර ඇති ලාෆ්ස් සමාගම ඉදිරියේදී කලාපයේ වෙනත් රටවලටද ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව එම සමාගම කියයි. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ ද්‍රව පෙට්‍රෝලියම් වායු ආනයන/අපනයන පර්යන්තයක් ස්ථාපිත කිරීමට ආයෝජනය කර ඇති බව ද එම සමාගමේ කළමණාකාරීත්වය පවසයි.

”ඉදිරියේදී ශ‍්‍රී ලාංකිකයන්ට මෙරට මෙන්ම විදේශයන්හිද නව රැකියා අවස්ථා රැසක් ලබා දීමට අප සමාගමට හැකි වෙනු ඇත” යැයි ලාෆ්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ තිලක් ද සිල්වා මහතා පවසයි.

“මෙරට පරිසරයේ පවතින උෂ්ණත්වය හා දුහුවිලි මෙන්ම මාර්ග වල තත්ත්වයන්ටද වඩාත් හොඳින් ගැළපෙන පරිදි නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමට අප සැලසුම් කරනවා.“යැයි ලාෆ්ස් සමාගම ප්‍රකාශ කරයි.

 

-042



අදහස් (1)

ලාෆ්ස් ගෑස් - ලිහිසිතෙල් නව ලාංඡන දෙකකින්

upali Saturday, 18 March 2017 08:19 AM

ආඩම්බරයි අපිට. දේශීය ආයෝජකයින් දිරි ගැන්විය යුතුයි. බදු සහන ලබා දිය යුත්තේ විදේශක ව්‍යාපාරිකයින්ට නොව ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයින්ටයි.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site