භානුක අමරසිංහ
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු වෙත යොමුවිය යුතුව ඇති බවත් ලංකා පේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වසර මුලදී නිකුත් කරන ලද 2024 තෙවැනි කාර්තුව සඳහා වන Payment Bulletin වාර්තාවේ ඇතුළත් 2024 වසර සඳහා මෙරට තුළ සංසරණය වූ සියලුම කාසි සහ නෝට්ටුවල වටිනාකම පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“මහ බැංකුව නිකුත් කළ මෙම වාර්තාවට අනුව 2024 වසරේදී රුපියල් ට්‍රිලියන 1.33ක් වටිනා කාසි සහ නෝට්ටු රට තුළ සංසරණය වෙලා තිබෙනවා. එහෙත් ඒ අතරින් රුපියල් ට්‍රිලියන එකකට අධික මුදලක් බැංකු පද්ධතිය වෙත පැමිණ නැහැ. සාමාන්‍ය මහජනතාව හෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතු එම මුදල් පවතින්නේ ඔවුන්ගේ මුදල් පෙට්ටි තුළ, මෙට්ටේ යට, එහෙමත් නැත්නම් සල්ලි මලු තුළ.“
“ඒ කියන්නේ මේ මුදල් පවතින්නේ බැංකු පද්ධතියෙන් පිටතයි. ඒවාට පොලියක් ලැබෙන්නේ නෑ. බැංකුවට යළිත් ණයට දෙන්න ලැබෙන්නේ නෑ. හරියට බැලුවොත් මේ මුදල් කිසිම ප්‍රයෝජනයක් නැති මුදල්. ඒ නිසා තමයි අපි මේ පිරිස ඉලක්ක කරගනිමින් ඩිජිටල් ගනුදෙනු වෙත පිවිසිය යුතු වෙන්නේ.“ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වර්තමානයේදී මිලියන 23ක් පමණ වන ජනගහනයක් රටේ සිටින බවත්, ඒ අතරින් මිලියන 1.5ක් පමණ පිරිසක් ව්‍යාපාර පවත්වාගෙන යන බවත් චන්න ද සිල්වා මහතා පැවසීය. එසේම මිලියන 1.9ක් පමණ වන ක්‍රෙඩිට් සහ ඩෙබිඩ් කාඩ් ගණනක් රට තුළ පැවතියද, එම කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි ව්‍යාපාරික ස්ථාන පවතින්නේ 60,000ක් පමණක් බවද ඒ මහතා මෙහිදී අනාවරණය කරයි.
“ඒ කියන්නේ 900,000ක් පමණ වන ස්ථානවල කාඩ් මගින් ගෙවීමේ පහසුකම් නෑ කියන එකයි. එතැනදී බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කාඩ් මගින් ගෙවීම් සිදු කරන POS යන්ත්‍රයක් මිලදී ගැනීමට පවතින අපහසුතාව ප්‍රධානයි. ඒ නිසා තමයි LankaPay මැදිහත්වීමෙන් LankaQR කේත ක්‍රමයක් මෙම ගෙවීම් සදහා හඳුන්වා දී තිබෙන්නේ.“
ඒ මහතා පෙන්වා දෙන ආකාරයට පසුගිය 2024 කැලැන්ඩර වර්ෂයේදී පමණක් ලංකා පේ ගෙවීම් ක්‍රමවේදය හරහා සිදු කර ඇති සමස්ත ගනුදෙනුවල වටිනාකම රුපියල් ට්‍රිලියන 34කට අධිකය.
“අද වන විට රටේ බැංකු 30ක්, බැංකු නොවන මූල්‍ය සමාගම් 23ක් සහ ෆින්ටෙක්ස් සමාගම් 10ක් තිබෙනවා. මේ සමාගම් සියල්ලම සමගින් LankaQR ඔස්සේ මුදල් භාවිතයකින් තොරව කටයුතු කරන්න පුළුවන්. එතැනදී වෙළෙන්දාට වගේම පාරිභෝගිකයාටත් පහසුකම් සලසා තිබෙනවා.“
“දැන් දුම්රිය මාර්ගයත් හරි, දුම්රියත් හරි, ජනතාවට තියෙන්නේ මේ දුම්රියට ගොඩ වෙන්න විතරයි.“ ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මෙලෙස මහ බැංකුව මගින් නිකුත් කරන මුදල් මුද්‍රණයට, බෙදාහැරීමට ඇතුළුව එම මුදල් නඩත්තු කිරීම වෙනුවෙන් වසරකට අතිවිශාල මුදල් වැය වන බවත්, එය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5ක් පමණ වන බවත් ඒ මහතා සඳහන් කළේය.
“ශ්‍රී ලංකාව වසරකට අධ්‍යාපනය සඳහා වෙන් කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2ක් පමණයි. ඒත් මුදල් මුද්‍රණය කරලා එය නඩත්තුවට පමණක් වසරකට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5ක් අපි නාස්ති කරනවා. අපිට පුළුවන් නම් වසරකට රට තුළ ගනුදෙනු වන කාසි සහ නෝට්ටුවල වටිනාකම සියයට 30කින් පමණ අඩු කරන්න, අපිට මේ වියදමත් සියයට 0.5කින් අඩු කරන්න පුළුවන්.“ ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Saturday, 19 April 2025 09:04 AM
බැංකු හරහා පාරිභෝගිකයා ව්‍යාපාරිකයාට ගෙවන මුදලින් යම් සියයට ප්‍රමාණයක් බැංකුව අයකරනවා. ඒ නිසා බොහෝ ව්‍යාපාරිකයෝ කාඩ් මගින් මුදල් ගෙවනවාට කැමැති නැහැ. කාඩ් පහසුකම් තියන ව්‍යාපාරිකයෝ කියන්නේ ළඟ තියන cash පොයින්ට් එකකින් සල්ලි අරන් එන්න කියලා. සමහර කඩවල කාඩ් වලින් ගෙවනකොට වට්ටම් දෙන්නේ නැහැ. බැංකුවට යන මුදල පාරිභෝගිකයා ගෙන් අඩුකරනවා. මම ළඟදී ගියා විදුලි බදු විකුණන shop එකකට කාඩ් එකෙන් ගෙවන්නද කියලා ඇහුවාම මුදලාලි කිව්වා "එහෙනම් රු. 5 ක් වැඩිපුර අයකරනවා කියලා. මෙන්න මේවයි වෙනස් කරන්න ඕනෑ.