
- සමස්ත දේශීය ණය රු. ට්‍රි. 18.7ක් දක්වා බිලියන 101 කින් ඉහළට
- භාණ්ඩාගාර බැඳුම්කර සතු ණය රු.ට්‍රි. 15.5ක් දක්වා ඉහළට
- සමස්ත විදේශීය ණය රු. ට්‍රි 11.3ක් දක්වා සුළු ඉහළ යාමක්
මධ්‍යම රජය සතුව ඇති මෙතෙක් නොපියවූ ණය ප්‍රමාණයේ වටිනාකම 2026 ජනවාරි මාසය අවසන් වනවිට රුපියල් බිලියන 30,113.95ක් (රුපියල් ට්‍රිලියන 30.1ක්) ලෙස සටහන් වන බව මහ බැංකුව පවසයි.
ඒ අනුව මෙය 2025 වසර අවසානයේදී පැවැති එම නොපියවූ ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 29,994.69 හා සැසඳීමේදී රුපියල් බිලියන 119.26 ක ඉහළ යාමක් වන බව මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික විවරණය තුළ සටහන්ව තිබේ.
මෙහිදී සමස්ත දේශීය ණය ප්‍රමාණය 2025 වසර අවසානයේ පැවැති රුපියල් බිලියන 18,675.32 ක සිට රුපියල් බිලියන 18,776.42ක් දක්වා රුපියල් බිලියන 101.10 කින් ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් භාණ්ඩාගාර බිල්පත් සතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,136.29 ක සිට රුපියල් බිලියන 3,101.24 ක් දක්වා රුපියල් බිලියන 35 කින් අඩුවී තිබේ. එසේම භාණ්ඩාගාර බැඳුම්කර සතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 15,427.75 ක සිට රුපියල් බිලියන 15,535.63ක් දක්වා රුපියල් බිලියන 107.88 කින් ඉහළ ගොස් ඇත.
මීට අමතරව සමස්ත විදේශ ණය ප්‍රමාණය 2025 අවසානයේ පැවැති රුපියල් බිලියන 11,319.36 ක සිට 2026 ජනවාරි අවසන් වනවිට රුපියල් බිලියන 11,337.52ක් දක්වා රුපියල් බිලියන 18.16 ක සුළු ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd