මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජනශක්ති ලිමිටඩ් සමාගම සිය නාමය ජනශක්ති පීඑල්සී ලෙස වෙනස් කිරීමට ලක් කරන බව පවසයි. 
පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත සමාගමක් ලෙස පැවැති  එම සමාගම පසුගියදා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වෙමින් පොදු සමාගමක් බවට පත්වීමෙන් අනතුරුව මෙලෙස නම් වෙනස් කිරීම සිදු කර තිබේ.
 ඒ අනුව 2007 අංක 07 දරන සමාගම් පනතේ 08 වන වගන්තියේ ප්‍රතිපාදනවලට අනුකූලව එම නාමය ජනශක්ති පීඑල්සී ලෙස වෙනස් කරන බව සඳහන් කරමින් පසුගිය ජූනි 10 වැනිදා නියෝජ්‍ය සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව සහතිකයන් නිකුත් කර තිබේ.