කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම එහි සිදු කිරීමට සැලසුම් කළ රුපියල් බිලියන 1.5 ක් වටිනා බැඳුම්කර නිකුතුව ඉවත් කරගන්නා බව පවසයි. වර්තමානයේ පවතින අයහපත් වෙළෙඳපොළ තත්වය මේ සඳහා හේතුව බව සමාගම පසුගියදා ලිපියක් මගින් එම හුවමාරුව වෙත දැනුම් දී තිබේ.
2025 වසරේ අගෝස්තු මාසයේදී යෝජනා කෙරුණු මෙම බැඳුම්කරය අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවා ගත හැකි පස් අවුරුදු (2026/31) කාලයකින් කල් පිරෙන ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර නිකුතුවක් ලෙස සැලසුම විය. මෙහිදී බැඳුම්කර කොටස් මිලියන 15ක් නිකුත් කිරීමට යෝජනා වී තිබූ අතර, නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 1.5 ක් විය.
කෙසේ වෙතත් සමාගම ඉදිරියටත් ප්‍රාග්ධන වෙළෙඳපොළේ සිදු කරන ණයකර නිකුතුවක් හරහා අරමුදල් රැස් කරගැනීමේ ඇති අවස්ථා සොයා බලන බවත්, ඒ සඳහා වෙළෙඳපොළ තත්ව සහ යහපත් වාතාවරණයක් සහිත වඩාත් සුදුසු කාලයක් පැමිණෙන තෙක් සිටින බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd