IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙබරවාරියේ අපනයන ආදායම ඩො.බි. 1,38 ක්

  • සියයට 4.62 ක වර්ධනයක්
  • 2025 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී අපනයන ආදායමේ සියයට 2.58 ක මාසික වර්ධනයක්
  • මුළු වෙළෙඳ භාණ්ඩ අපනයනය ආදායම ඩොලර් මිලියන 1,056.39 ක්
  • ඇගලු‍ම් සහ රෙදිපිළි අපනයන ආදායම ඩොලර් මිලියන 427.28 ක්
  • තේ අපනයන ආදායම ඩොලර් මිලියන 119.41 ක්. පෙර වසරේ පෙබරවාරිය හා සැසඳීමේදී සියයට 6.52 ක අඩුවීමක්
  • දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ ආදායමේද සියයට 1.22 ක අඩුවීමක්

භානුක අමරසිංහ

පෙබරවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය සහ සේවා අපනයනය යන අංශ දෙකම ඇතුළුව සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,382.53 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ අනුව මෙය 2024 පෙබරවාරි මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 1,321.54 ක අපනයන ආදායම හා සැසඳීමේදී සියයට 4.62 ක කැපීපෙනෙන වර්ධනයක් සටහන් කර තිබේ. එසේම 2025 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී අපනයන ආදායමේ සියයට 2.58 ක මාසික වර්ධනයක් ද වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ ඇස්තමේන්තුගත අපනයන ආදායම් පිළිබඳ දත්ත අනුව එම මණ්ඩලය මෙම වාර්තාව සකස් කර තිබේ. 

ඒ අනුව පෙබරවාරි මාසයේදී මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,056.39 ක් ලෙස සටහන්ව ඇත. එය 2024 වසරේ පෙබරවාරි මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 1,059.30 හා සැසඳීමේදී සියයට 0.27 ක සුළු පහත වැටීමකි.

එහිදී ඇඟලු‍ම් සහ රෙදිපිළි අපනයන ආදායම ඩොලර් මිලියන 427.28 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 පෙබරවාරියේ වාර්තා කළ ඩොලර් මිලියන 421.31 හා සැසඳීමේදී සියයට 1.42 ක වර්ධනයකි. එසේම පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 82.51 ක් වන අතර, එය 2024 පෙබරවාරියේ වාර්තා කළ ඩොලර් මිලියන 68.23 හා සැසඳීමේදී සියයට 20.93 ක වර්ධනයකි. මීට අමතරව කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 2025 පෙබරවාරියේදී ඩොලර් මිලියන 37.93 ක් වන අතර, එය පෙර වසරේ එම මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 22.99 හා සැසඳීමේදී සියයට 64.98 ක වර්ධනයකි.

කෙසේ වෙතත් තේ අපනයන ආදායම 2025 පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 119.41ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසරේ පෙබරවාරියේදී වාර්තා කළ ඩොලර් මිලියන 127.74 හා සැසඳීමේදී සියයට 6.52 ක අඩුවීමක් පෙන්නුම් කර ඇත. රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමද, ඩොලර් මිලියන 88.73 සිට ඩොලර් මිලියන 83.11 ක් දක්වා සියයට 6.33 කින් අඩුවී තිබේ.

එසේම දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ ආදායමේද සියයට 1.22 ක අඩුවීමක් වාර්තා කර ඇත. ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක අපනයන ආදායමේ අඩුවීම සියයට 10.89 කි. මීට අමතරව, සැකසූ ආහාර පාන වර්ග අපනයන ආදායම සියයට 4.12 කින්, මුහුදු ආහාර ආදායම සියයට 34.24 කින්, විසිතුරු මසුන් අපනයන ආදායම සියයට 54.27 කින්, එළවළු සහ පලතුරු අපනයන ආදායම පිළිවෙළින් සියයට 35.12 කින් සහ 22.01 කින්, වෙනත් අපනයන බෝග අපනයන ආදායම සියයට 30.66 කින් සහ මල් සහ ශාක පත්‍ර අපනයන ආදායම සියයට 26.36 කින් අඩුවී තිබේ. මේ අතර, 2025 පෙබරවාරි මාසයේ සේවා අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 326.14 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2024 පෙබරවාරියේදී හිමි කරගත් ඩොලර් මිලියන 262.24 හා සැසඳීමේදී සියයට 24.37 ක වර්ධනයක් සටහන් කර තිබේ.

එහිදී වැඩිම සේවා අපනයන ආදායම ප්‍රවාහන සහ කාර්​ෙ යා්පාය සේවා හරහා ලැබී ඇති අතර, එය ඩොලර් මිලියන 170.47 කි. එය 2024 පෙබරවාරි මාසයේදී හිමිවූ ඩොලර් මිලියන 126.36 හා සැසඳීමේදී සියයට 34.91 ක වර්ධනයකි. එසේම තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය හරහා උපයාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 141.89 ක් වන අතර, එය 2024 පෙබරවාරි මාසයේදී හිමි වූ ඩොලර් මිලියන 107.38 හා සැසඳීමේදී සියයට 32.14 ක වර්ධනයකි.

කෙසේ වෙතත් ඉදිකිරීම් අංශය හරහා උපයාගත් අපනයන ආදායම පෙබරවාරියේදී සියයට 55.74 ක අඩුවීමක් වාර්තා කර තිබේ. මේ වසරේ පෙබරවාරියේදී එය ඩොලර් මිලියන 11.71 ක් වන අතර, පෙර වසරේ එය ඩොලර් මිලියන 26.46 ක් විය.

මේ අතර, වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන ආදායම 2025 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 2,730.33 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2024 එම කාලය සඳහා වාර්තා කළ ඩොලර් මිලියන 2,559.97 හා සැසඳීමේදී සියයට 6.65 ක වර්ධනයක් සනිටුහන් කර තිබේ. එහිදී 2025 පළමු මාස දෙක තුළ වෙළෙඳ භාණ්ඩ අපනයනය ඩොලර් මිලියන 2,109.19 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 පළමු මාස දෙකේ වාර්තා කළ ඩොලර් මිලියන 2030.00 හා සැසඳීමේදී සියයට 3.9 ක වර්ධනයකි.

එසේම 2024 මුල් මාස දෙකේදී වාර්තා කළ සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම වූ ඩොලර් මිලියන 529.97ට සාපේක්ෂව මේ වසරේ එම කාලසීමාවේදී ඩොලර් මිලියන 621.14 ක් දක්වා සියයට 17.2 කින් ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ අතර 2025 පෙබරවාරියේදීත් ශ්‍රී ලංකාව වැඩිම අපනයන කළ රට ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය පසුවන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 240.53 කි. එහෙත් 2024 වසරේ පෙබරවාරියේදී එරටට සිදුකළ ඩොලර් මිලියන 249.60 හා සැසඳීමේදී එය සියයට 3.63 ක අඩුවීමකි. 

එසේම ජපානය වෙත කළ අපනයන වටිනාකම සියයට 20.51 කින්, එක්සත් රාජධානිය වෙත සිදුකළ අපනයන වටිනාකම සියයට 12.30 කින්, එක්සත් අරාබි එමීරය සියයට 11.62 කින්, තුර්කිය සියයට 12.87 කින් ලෙස අපනයන වටිනාකම් පහත වැටී තිබේ.

 



අදහස් (0)

පෙබරවාරියේ අපනයන ආදායම ඩො.බි. 1,38 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31162 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13302 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 56 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site