
- සාගර බන්ධු මෙහෙයුම යටත් ඉන්දියානු රැපියල් ණය මාලාව හරහා ඩොලර් මිලියන 250ක දිගුකාලීන ණය පහසුකමක්
නිමල කොඩිතුවක්කු
දිව්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුනරුථාන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ඉන්දීය රජය ලබා දෙන ණය පහසුකම් උපයෝජනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දිවා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ හානි පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය විසින් ‘සාගර බන්ධු මෙහෙයුම’ යටත් ඉන්දියානු රුපියල් ණය මාලාව හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක දිගුකාලීන ණය පහසුකමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ත කෙටිකාලීන ණය පහසුකමක් ලබා දී ඇත. එම කෙටිකාලීන ණය පහසුකම යටතේ පශු සම්පත් අංශයේ සංවර්ධනයට සහාය වීම සඳහා ඉන්දියාවෙන් අභිජනන සතුන් ආනයනය කිරීම පිණිස ඩොලර් මිලියන 05 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනු ලැබ තිබේ.
එම කෙටිකාලීන ණය පහසුකමේ ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක මුදල භාවිත කරමින් දිව්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල සේවා සැපයීම් සහ සහන සේවා කටයුතු පහසු කිරීමට අවශ්‍ය ගිලන් රථ, මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ රථ, සිංගල් කැබ් රථ සහ ටිපර් රථ ආදී අත්‍යවශ්‍ය වාහන මිල දී ගැනීමට සැලසුම් කරනු ලැබ ඇත. එම ඉන්දියානු කෙටිකාලීන ණය පහසුකම යටතේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමෙන්තු කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ඒ යටතේ පවතින ආයතන සඳහා ඉහත සඳහන් අත්‍යවශ්‍ය වාහන මිල දී ගැනීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd