- 2027 ලංකාවේ සමස්ත මූල්‍යකරණ අවශ්‍යතාව ඩොලර් බිලියන 4.469ක්
- ඉන් ඩො.බි.1.5ක් ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබාගැනීමේ අපේක්ෂාවක්
විමුක්ති එස්. රුද්‍රිගු
ශ්‍රී ලංකාව ලබන වසරේදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඩොලර් බිලියන 1.5ක ස්වෛරී බැඳුම්කර ණයක් ලබාගැනීම සැලසුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති මූල්‍ය හිඟය හා වැඩසටහන් මූල්‍යකරණ වගුවට අනුව 2027 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත මූල්‍යකරණ අවශ්‍යතාව ඩොලර් බිලියන 4.469ක් වන අතර, ඉන් ඩොලර් බිලියන 1.5ක් ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබාගැනීමට අපේක්ෂා කර ඇත. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පපාජෝර්ජියෝ මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබන වසරේදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට එළැඹීමට හොඳ හැකියාවක් තිබෙන බවය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වීම ණය තිරසරභාවය ශක්තිමත් කිරීමටත්, ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත පවත්වාගෙන යාමටත්, ඉදිරියේදී සංචිත තවදුරටත් ගොඩනැගීමටත් වැදගත් වන බවද ඔහු සඳහන් කළේය. ප්‍රාග්ධන වෙළෙඳපොළට යළි පිවිසීම ලබන වසරේදී හෝ ඒ ආසන්න කාලයකදී සිදුකිරීමට හැකි දිශාවට ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි පෙර ඇස්තමේන්තුව තවදුරටත් පවතින බවත් පැපජෝර්ජියෝ මහතා එහිදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd