• සමස්ත සංචාරක පැමිණීම් 1,037,343 ක් 

ජූනි මාසයේ මුල් දින හතර තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 15,321ක් වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 

ඒ අනුව මෙය 2025 ජූනි මාසයේ මුල් දින හතරේ පැමිණි සංචාරකයන් 15,882 හා සැසඳීමේදී සියයට 3.5 ක අඩුවීමකි. කෙසේ වෙතත් 2024 එම කාලසීමාවේ පැමිණි සංචාරකයන් 12,920 හා සැසඳීමේදී මෙය සියයට 18.5ක ඉහළ යාමකි. 

මෙහිදී ජූනි මාසය තුළ දෛනික සංචාරක පැමිණීම් හි සාමාන්‍ය සංචාරකයන් 3,830ක් ලෙස සටහන්ව තිබේ. පැමිණි සංචාරකයන් අතරින් වැඩිම ප්‍රමාණය එනම් 6‍,301 ක් ඉන්දියානුවන් වන අතර එය සමස්තයෙන් සියයට 41 කි. එසේම එක්සත් රාජධානියෙන් 1,034ක් සහ චීනයෙන් 859ක් ලෙස සංචාරකයන් පැමිණ තිබේ. 

ජූනි මාසයේ මුල් දින හතරේ සංචාරක පැමිණීම් සමගින් වසරේ මේ දක්වා මෙරට වෙත පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1‍,037,343 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනවාරියේදී 277,327ක්, පෙබරවාරියේදී 279,328ක්, මාර්තුවේදී 183,979ක්, අප්‍රේල් 135,643ක් සහ මැයි 145,745ක් ලෙස සංචාරක පැමිණීම් වාර්තා වී ඇත.