- දිනකට බිලියන 2.2කට වැඩි පරිභෝජනයක්
මතකයේ රැඳුණු බොහෝ අවස්ථාවල ලොව සුවිශේෂී සාධකයක් වූ කොකා-කෝලා වසර 140ක් පුරා පාරිභෝගික ආකර්ෂණය හිමිකරගත් සන්නාමයක් බවට පත්ව ඇත්තේ බීම වර්ගයකට එහා ගිය ජනප්‍රියත්වයක් හිමිකර ගනිමිනි. 1886 වසරේ මැයි 8 වැනි දින ඇට්ලන්ටාහි Jacobs ෆාමසියේදී වෛද්‍ය ජෝන් පෙම්බර්ට්න් විසින් ප්‍රථම වරට පාරිභෝගිකයන් වෙත පිරිනමමින් ආරම්භ වූ කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලංකාව තුළද 65 වසරක අභිමානවත් ගමනක් සනිටුහන් කර ඇත්තේ පරම්පරා ගණනාවක විශ්වාසය දිනා ගනිමිනි.
ඉතා සුළුවෙන් ආරම්භ වූ සරල පානයක් අද වන විට රටවල් හා කලාප 200කට වැඩි ගණනක ජනප්‍රිය සන්නාමයක් බවට පත්ව ඇත්තේ දිනකට බිලියන 2.2කට වැඩි පරිභෝජනයක් සනිටුහන් කරමින් වීම විශේෂත්වයකි. ඊට අනන්‍ය වූ රතු සහ සුදු වර්ණ සහ සුවිශේෂී හැඩයකින් යුත් බෝතලයේ ආකර්ෂණීය බව මෙන්ම ඊට ආවේණික රසය විවිධ සංස්කෘති සහ ලොව පුරා ජනතාවගේ සතුට හා සමගිය බෙදා ගැනීමේ සංකේතයක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාව තුළ 65 වසරක විශිෂ්ට ගමන තුළ කොකා-කෝලා පිපාසය සංසිඳුවන පානයකට එහා යමින් සුවිසල් පාරිභෝගික සබඳතාවක් ගොඩනගා ගැනීමට සමත්ව සිටී. සිංහල දෙමළ අලුත් අවුරුදු, නත්තල් හා මංගල උත්සව වැනි ප්‍රියසාදවල මෙන්ම ක්‍රිකට්, සහ එදිනෙදා පවුලේ ප්‍රධාන ආහාර වේල් ඇතුළු විවිධ විශේෂ අවස්ථාවලදී විශ්වාසවන්ත සාධකයක් බවට පත්ව ඇත. දශක ගණනාවක් පුරා පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් දිනෙන් දින ඉදිරියට යන කොකා-කෝලා සන්නාමය ජනතාව අතර රැකියා අවස්ථා නිර්මාණය කරමින් චක්‍රීය ආර්ථිකයක් නිර්මාණය කිරීමටත්, තාරුණ්‍ය බලගන්වමින් දේශීය හවුල්කාරීත්ව වෙනුවෙන් ආයෝජනය කිරීමටත් කටයුතු කර ඇත්තේ රට තුළ සැබෑ වෙනසක් ඇති කිරීමට කැප වෙමිනි.
පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් ප්‍රචාරණ ව්‍යාපාරයක් ලෙසි’Thank You for Always Picking Coca-Cola” යන්න තේමා කරගනිමින් වසර 140 ක අභිමානයත්, ශ්‍රී ලංකාවේ වසර 65ක අඛණ්ඩ ගමනත් සැමරීමට කොකා-කෝලා පියවර ගෙන ඇත.
එය සිසිල් කොකා-කෝලා වීදුරුවක් සමගින් එදිනෙදා සෑම සුවිශේෂී අවස්ථාවක් සැමරීමටත් සතුට, ආදරය බෙදා හදා ගැනීමටත් කටයුතු කළ පාරිභෝගිකයන්ගේ මතකය වෙනුවෙන් පිදෙන උපහාරයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොකා-කෝලා සමාගමේ ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල ප්‍රධානී මාරියෝ පෙරෙයිරා මෙසේ සඳහන් කර සිටියේය.
“ගෝලීය වශයෙන් වසර 140ක් සහ ශ්‍රී ලංකාවේ වසර 65ක් පුරා ජනතාවගේ ජීවිතවල මෙන්ම වඩාත් සුවිශේෂී අවස්ථාවල කොටස්කරුවකු බවට පත් වීමට කොකා-කෝලා සන්නාමයට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වනවා.
මෙය කොකා-කෝලා සමාගමට පමණක් නොව පාරිභෝගිකයන්ගේ නිවසට, උත්සව අවස්ථාවලට සහ එදිනෙදා ජීවිතයට කොකා-කෝලා එක් කර ගනිමින් එහි රසය අත්විඳි පාරිභෝගිකයන් වෙනුවෙන් කරන සැමරුමක් ලෙස සඳහන් කළ හැකියි.
Thank You for Always Picking Coca-Cola’ යන තේමාව තුළින් අපගේ මෙම දිගු ගමන සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd