IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


අයවැය හිඟය රු.බි. 2,200 ක්

  • අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.7 ක්. පසුගිය අයවැයට සාපේක්ෂව සුළු පහළ යාමක්
  • අපේක්ෂිත බදු අදායම රුපියල් බිලියන 4,590 ක්
  • රජයේ අපේක්ෂිත අදායම රුපියල් බිලියන 4,960 ක්
  • රුපියල් බිලියන 1,309 ක් වූ අදායම් හිඟය මෙම වසරේදී රුපියල් බිලියන 906 දක්වා පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ
  • මෙවර ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,315ක්
  • පොලී වියදම රුපියල් බිලියන 2,950
  • ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක්. රුපියල් බිලියන 750 වනු ඇතැයි අපේක්ෂා

 විමුක්ති එස් රුද්‍රිගු


ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය ඊයේ (17) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මෙවර සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 2,200 කි. පසුගිය වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 2,040 ක් ලෙස සටහන් විය.

කෙසේ නමුත් මෙවර අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.7 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය පසුගිය අයවැය හිඟයට සාපේක්ෂව සුළු පහළ යෑමක් වන අතර 2024 වසරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.8 ක් විය.

ශ්‍රී ලංකාව මෙම වසරේදී බදු අදායම ලෙස රුපියල් බිලියන 4,590 ක් උපයා ගැනීමට ඉලක්ක කර ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.9 කි. පසුගිය වසරේදී මෙරට බදු ආදායම රුපියල් බිලියන 3,705 ක් ලෙස සටහන් වී තිබිණි.

මෙම වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 4,960 ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය පසුගිය වසරේ රජයේ ආදායම වන රුපියල් බිලියන 4,031 ක සමග සසඳන විට සැලකිය යුතු ඉහළ යාමක් වනු ඇත. ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති ගෙවිය යුතු ගෙවීම් මෙම වසරේ රුපියල් බිලියන 5,886 ක් වන අතර එය පසුගිය වසරේ රුපියල් බිලියන 5,340 සමග සංසන්දනය කරන විට සුළු ඉහළ යාමකි.

පසුගිය වසරේ රුපියල් බිලියන 1,309 ක් වූ ආදායම් හිඟය මෙම වසරේදී රුපියල් බිලියන 906 දක්වා පහළ වැටෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ. මෙවර ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,315 ක් වන අතර එය පසුගිය වසරේදී බිලියන 817 ලෙස සටහන් විය.

මෙවර පොලී වියදම රුපියල් බිලියන රුපියල් බිලියන 2,950 ක් වන අතර එය පසුගිය වසරේදී රුපියල් බිලියන 2,690 ක් ලෙස දැක්විණි. ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක් රුපියල් බිලියන 750 වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය පසුගිය වසරේ රුපියල් බිලියන 650 සමග සංසන්දනය කරන විට සුළු ඉහළ යාමකි.

දේශීය ණය ගැනීම් රුපියල් බිලියන 2,125 ක් වන අතර විදේශ ණය ගැනීම් රුපියල් බිලියන 375 ක් වනු ඇත.



අදහස් (0)

අයවැය හිඟය රු.බි. 2,200 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 304 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 333 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1264 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site