IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කොත්මලේ හැදුණුවැව දරුවන්ට කෘෂිකර්මය ගැන දැනුවත් කිරිමක්

(සිසිර ලලිත් කුමාර)         

කෘෂිකර්මාන්තය පිළිබඳව පාසල් දරුවන්ගේ  දැනුම සහ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් කොත්මලේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි.

2025 පළාත් නිශ්චිත ප්‍රදාන  යටතේ පාසල් ළමුන් තුළ කෘෂිකර්මාන්තය කෙරෙහි දැනුම ආකල්ප සංවර්ධනය කිරීම වැඩසටහනට  කොත්මලේ අඹගමුව කලාපයේ මල්දෙණිය කෘෂිකර්ම උපදේශක කොට්ඨාශය දායකත්වය දැක්වීය.

එම කොට්ඨාසයට අයත් මප/කො/හැදුනුවැව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සඳහා කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ ප්‍රදර්ශනාත්මක වැඩසටහන අංශ කිහිපයක් යටතේ පෙළ ගැසී තිබිණි. 

එහිදී, බිම්මල් වගාව  ,තවාන් පාලනය, නිවැරදි ආහාර රටාවකට හුරුවීම, පළතුරු වගාව සහ ඌන භාවිත පළතුරු  ,පාංශු සංරක්ෂණ ය,  මී මැසි පාලනය,ඒකාබද්ධ පලිබෝධ පාලනය ,  කාබනික පොහොර නිෂ්පාදනය ,දේශිය අල වගාව  යන අංශ කෙරෙහි හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ට දැනුම ලබා දීම සිදු විය.             

න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලද එම සිසුන් විද්‍යාල පරිසරය පමණක් නොව තම ගෙවත්ත තුළ නිවැරදි කෘෂිකාර්මික පිළිවෙත් ගොඩනැගීම පිළිබඳව දැනුම ලබන අයුරු දැකගත හැකි විය.     

මීට අමතරව  අනාගත ව්‍යවසායකයින් බිහි කිරීමට උත්තේජනයක් ලබා දිය හැකි මාතෘකා ඔස්සේ  ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමටද සංවිධායකන් අමතක නොකළහ.

මෙම වැඩමුළුවට කොත්මලේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ලාලිත ප්‍රීති බණ්ඩාර,නියෝජ්‍ය විදුහල්පති සී.එස් වැලිකළ  ඇතුළු විද්‍යාලයේ ආචාර්ය   මණ්ඩලය හා දරුවන්,කොත්මලේ  කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්  ද සහභාගී වූහ.

අඹගමුව කලාපයේ සහකාර කෘෂිකර්ම  අධ්‍යක්ෂවරිය, මූලස්ථාන කෘෂිකර්ම උපදේශකවරිය,  කෘෂි උපදේශකවරුන් සහ තාක්ෂණික සහායකවරු මෙම වැඩමුළුවට  සහභාගී වූහ.



අදහස් (0)

කොත්මලේ හැදුණුවැව දරුවන්ට කෘෂිකර්මය ගැන දැනුවත් කිරිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site