(සුදත් පුබුදු කීර්ති)    

බියගම අධ්‍යාපන කොට්ඨාසයේ දරණගම ප්‍රාථමික විද්‍යාලයේ කුඩා මිතුරි කණ්ඩායම සඳහා  පදක්කම්  පැළඳවීම  පසුගියදා  විද්‍යාලීය පරිශ්‍රයේ දී සිදුකෙරුණි.

විදුහල්පති නන්දන නිරෝෂන් මහතාගේ උපදෙස්  මත කුඩා මිතුරී කණ්ඩායම් භාර ආචාරීනී ශ්‍රියානි වික්‍රමආරච්චි මහත්මියගේ මඟපෙන්වීමෙන්  පරවියෝ , තිත්මුවෝ , වැහිබිදු , සෙවනැතිරුක් , හිරුරැස් සහ ඩොල්පින් යන කණ්ඩායම් හයක සිසු දැරියන් 28 දෙනෙකු සදහා  පදක්කම් පැළඳවීම කැළණිය  කළාප බාලදක්ෂිකා කොමසාරිස් අමිතා ප්‍රියදර්ශණී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

විදුහල්පති නන්දන නිරෝෂන්,සහකාර විදුහල්පතිවරුන් වන එන්. වීරරත්න,රේණුකා දර්ශිණී යන මහත්ම මහත්මීන් දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.