
කුරුණෑගල , ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාව මගින් පාලනය කරනු ලබන කිරිබමුණුව ‘ෆස්ට් ස්ටෙප්’ පෙරපාසලෙහි විවිධ ප්‍රසංගය පසුගියදා කිරිබමුණ විදුහල් ප්‍රධාන ශාලාවේදි පැවැත්විණි.
12 වැනි වතාවට පැවැත්වුණ මෙම විවිධ ප්‍රසංගයට මෙම පෙරපාසලේ ආදි සිසු සිසුවියන් පිරිසක්ද එක් කරගැනිමට කටයුතු කර තිබිණි.
ආදි සිසු සිසුවියන් 25 දෙනකු සහ වර්තමාන පෙරපාසලේ ඉගෙනුම ලබන දරු දැරියෝ 15 දෙනකු මෙහිදී සිය දක්ෂතා දැක්වූහ.
පසුගිය කාලයේදී රටේ ඇති වු ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් බොහෝ කුඩා දරුවන් පවා කම්පනයට පත්ව සිටින අවස්ථවක එවැනි අත්දැකීම් වලට මුහුණ දුන් නොදුන් සියලු දරුවන්ට මෙය මහඟු අස්වැසිල්ලක් වූ බව පෙරපාසලේ ප්‍රධාන ගුරුතුමිය වන කල්‍යාණි නුවරපක්ෂ මහත්මිය පැවසීය.
ප්‍රධාන ගුරුතුමිය වන කල්‍යාණි නුවර පක්ෂ මහත්මියගේ උපදෙස් අනුව මව්පියන්ගේද කැපවීම සහ සහභාගීවීම මත මෙම උත්සවය පැවැත්විණි.
කිරිබමුණ ශෙලතලාරාම විහාස්ථානාධිපති පහළ ඇරැවුවල උප රතනහිමිගේ අනුශාසකත්වයෙන්, කුඹුක්ගැටේ පොලිස් ස්ථානාධිපති බී .ජී .සී. ආර් ගුණතිලක, කිරිබමුණ ග්‍රාමනිලධාරී එච් .එම්. පි .බී හේරත්, එස්.ආර් නලළිං ව්‍යාපෘති ප්‍රධානි සරත් ප්‍රේමවංශ කිරිබමුණ විදුහලේ විදුහල්පතිනි එච්.එම්. එස් හේරත්,නියෝජ්‍ය විදුහල්පතිනි ජී. ඒ එන් .පී කුමාරිහාමි,වෛද්‍ය ඩබ්.ලීලාවතී,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි ඒ. බී .ජී. සංජීවනී ,පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි පී .ජේ. කේ. වෙල්ලාල සහ ඊ .එම්. මල්ලිකා කුමාරි යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd