IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෛරී ප්‍රකාශ කරන ඇමෙරිකානු පාලකයන් ප්‍රතික්ෂේප කරන්නැයි ඔබාමා කියයි

වෛරය පෝෂණය වන හෝ ජාතිවාදය සාමාන්‍යකරණය කරමින් ප්‍රකාශ නිකුත් කරන පාලකයන් ප්‍රතික්ෂේප කරන්නැයි අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ඇමෙරිකානු ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේය. 
 
ඔබාමා මහතා මෙම ප්‍රකාශය සිදුකළේ කිසිම පාලකයකුගේ නමක් ප්‍රකාශ නොකරමිනි. එසේ වුවද, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෑතකදී කළ අදහස් දැක්වීමකින් පසුව ඔහු මේ බව පවසා තිබිණි. 
 
ඇමෙරිකානු ජනාධිපතිවරයා  ඊයේ(05) කළ ප්‍රකාශයකින්, ජාතිවාදී අදහස් වෙනත් ආකාරයකට හැරවීම සම්බන්ධයෙන්ද,  ප්‍රචණ්ඩත්වය පෝෂණය කිරීම සම්බන්ධයෙන් ද දේශපාලන විචාරකයන්ගෙන් විවේචන එල්ල වී තිබිණි.
 
ඇමෙරිකාවේ ටෙක්සාස් සහ ඔහියොහිදී සිදු වූ වෙඩිතැබීම්වලදී පුද්ගලයන් 31 දෙනෙකු මිය යෑමෙන් පසු ට්‍රම්ප් මහතා මෙම අදහස් පළකර තිබූ අතර එහිදී සුදු ජාතිකයන්ගේ ශ්‍රේෂ්ඨත්වය සම්බන්ධයෙන්ද මහතා පවසා තිබිණි.
 
සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ මතභේදකාරී  ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි ඔබාමා මහතා මෙම ප්‍රකාශය පසුව නිකුත් කර තිබිණි.
 
“ඇමෙරිකාවේ ඇතැම් පාලකයන් වෛරය පෝෂණය වන හෝ ජාතිවාදය සාමාන්‍යකරණය කරන ප්‍රකාශ අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. අප වැනි මිනිසුන් දෙස නොබලන, අපගේ ජීවිතයට තර්ජනයක් වන, අනෙකුත් ජාතීන් පහත් මිනිසුන් වර්ගයක් සේ සලකන, ඇමෙරිකාව එක්තරා ආකාරයක මිනිසුන් වර්ගයකට පමණක් අයත් යැයි හඟවමින් ප්‍රකාශ කරන නායකයන් අප ප්‍රතික්ෂේප කළ යුතුයි.
 
අපේ දේශපාලනයේ හෝ පොදු ජීවිතවලදී ඒවාට තැනක් ලැබෙන්නෙ නැහැ. ඇමෙරිකාවේ කීර්තිනාමය ලෙස සලකන, ඉතා ප්‍රබල වන, බහුතර මිනිසුන්, සියලු ජාතීන්, විශ්වාස සහ දේශපාලන පක්ෂ සඳහා කාලය එළඹී ඇති බවට කිසිදු සැකයක් නැහැ” යැයිද හිටපු ජනාධිපතිවරයා පවසා ඇත. 

(බීබීසී ඇසුරිනි)

16844 



අදහස් (0)

වෛරී ප්‍රකාශ කරන ඇමෙරිකානු පාලකයන් ප්‍රතික්ෂේප කරන්නැයි ඔබාමා කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site