යුක්රේනයේ ලවිව් ගුවන් තොටුපලට හදිසියේ ගොඩබැස්වීමට ගිය යානයක් අනතුරට ලක්වීම හේතුවෙන් හතරදෙනකු මියගොස් ඇත.
ඇන්ටනොව් 12 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන යානයක් වන මෙය රේඩාර් තීරයෙන් අතුරුදන්වීමෙන් පසු මෙලෙස කඩා වැටුණු බව බලධාරීහු පවසති.
යානය ගිනි ගැනීමට ලක් නොවූ බවත් කාර්යමණ්ඩලයේ කිහිපදෙනකු බේරා ගැනීමට හැකිවූ බවත් ගුවන්තොටුපල නිලධාරීන් පවසා ඇත.
මෙය ස්පාඤ්ඤයේ සිට ලවිව් ගුවන්තොටුපලට පැමිණෙමින් තිබූ යානයක් වන අතර ඉන්ධන අවසන් වීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd