IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මැතිවරණ කාල සීමාවේදී ඉන්දියාවේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක්

මැතිවරණ කාලසීමාව තුළදී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීමට ඉන්දියාව පියවර ගෙන ඇත. 

 මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියෙන් සිටීමට සමත්වූ අතර මෝදි පාලනය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබේ. මාවෝවාදී කැරැලිකරුවන් අඟහරුවාදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පස්දෙනෙක්  ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි මන්ත්‍රීවරයකු ද ජීවිතක්ෂයට පත්විය. 

 මේ තත්ත්වය හේතුවෙන් මැතිවරණ පැවැත්වෙන කාලසීමාවේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් හටගෙන ඇත.
 මධ්‍යම ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ පැවැති මැතිවරණ රැළියකට එම ප්‍රහාරය එල්ල විය. ඒ හේතුවෙන් එම ප්‍රාන්තයට පමණක් පොලිස් සහ හමුදා භටයන් 80,000ක් යෙදවීමට පියවර ගෙන ඇතැයි ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ඩී.එම්.ආවස්ති පැවැසීය. දීර්ඝ කාලයක් මුළුල්ලේ සිට ඉන්දියාවේ ප්‍රාන්ත නවයක පමණ කලකෝලහල පවතින අතර මාවෝවාදී කැරැලිකරුවන් ඒ පිටුපස සිටින බව පැවසේ. 
 
 අඟහරුවාදා එල්ල වූ ප්‍රහාරය හෝ වෙනයම් සිදුවීමක් නිසා මැතිවරණය පැවැත්වෙන කාලසටහන වෙනස් නොකරන බව ඉන්දීය මැතිවරණ කොමිසම බල කර කීය. 
 
 ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සංවිධානය කරන්නේ ඉන්දීය මැතිවරණ කොමිසමයි. ඉන්දීය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 543 දෙනකු තෝරාගැනීම සඳහා මෙම මහ මැතිවරණය පැවැත්වෙන අතර කෝටි 90ක් ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. 
 
අප්‍රේල් 11 වැනිදා එනම් හෙට ආරම්භ වන මහ මැතිවරණය මැයි 19 වැනිදා දක්වා සති හයක කාලයක් මුළුල්ලේ පැවැත්වේ. මැතිවරණයේ පළමු දින හත අවසන් වෙද්දි ප්‍රාන්ත 20ක ආසන කාට හිමිවනු ඇතිදැයි තීරණය වනු ඇත. 
 
 භාරතීය ජනතා පක්ෂය දෙවැනි වරටත් ආණ්ඩු බලය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසු වේ. අවසන් වරට පැවැති මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයක් ලැබීය. කෙසේ නමුත් තියුණු සටනක් පවතිනු ඇතැයි අනාවැකි පළ වී ඇත. 
 
 චතිස්ගාර් ප්‍රාන්තයේ මෙවර මහ මැතිවරණයේ සංවේදීම ප්‍රාන්තයක් බවට පත්ව ඇත. සති කිහිපයක් මුළුල්ලේ මැතිවරණය පැවැත්වෙන බැවින් ආරක්ෂාව දැඩි කර තිබෙන අතර පරිපාලන නිලධාරීන්ගේ ආරක්ෂාව ද වැඩි කර තිබේ.
 
 අඟහරුවාදා එල්ල වූ තවත් ප්‍රහාරයකින් ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ හින්දු ජාතිකවාදී කණ්ඩායමක නායකයකු මරුමුවට පත්විය. මේ හේතුවෙන් ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ ද ගැටුම් හෝ ප්‍රචණ්ඩකාරී හෝ තත්ත්ව ඇති වීමේ අවදානමක් හටගෙන ඇත. කාශ්මීරයේ ඇතැම් කොටස්වලද හෙට ඡන්දය විමසීමට නියමිතය. 
 
 ජම්මු හි රෝහලකට කඩා වැදුණු තුවක්කු-කරුවන් එහි සිටි රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් පක්ෂයේ කලාපීය නායකයකුට වෙඩි තබා ඝාතනය කළේය. දක්ෂිණාංශික පක්ෂයක් වන එම පක්ෂය අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සමීප සබඳතා පවත්වයි. 
පොලිසිය බිම්බෝම්බ දෙකක් සොයාගැනීම හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අසල්වැසි බිහාර් ප්‍රාන්තයේ මාර්ගයක් ආසනයේදී බෝම්බ දෙකක් පිපිරී ගිය අතර අතර එම ප්‍රාන්තයේ ද නොසන්සුන්තාවක් ඇති වී තිබේ. 
 
ඒ.එෆ්.පී. ඇසුරිනි 
 055



අදහස් (0)

මැතිවරණ කාල සීමාවේදී ඉන්දියාවේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1013 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site