
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේට්ස් චීනයේ හැංග්හායි බලා පැමිණියේය. ඒ, ඊයේ (16) ආරම්භ වුණු 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනයට සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනය සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන සමුළුව ලබන 20 තෙක් පැවැත්වෙයි. සමුළුවේ මුලසුන හොබවන්නේ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙනි.
කෘත්‍රිම බුද්ධිය සහ එහි වාසි අවාසි සම්බන්ධයෙන් නිරන්තරයෙන් ලෝකය් අවධානය යොමු කරන චරිතයක් වන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේට්ස්ය.
මෑත වසරවලදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය, කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ ගෝලීය සංවාදය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර විද්‍යාත්මක මණ්ඩලය යන යාන්ත්‍රණ දෙකක් ස්ථාපිත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd