
(කැලුම් බණ්ඩාර)
ශ්‍රී ලංකා හමුදාවට, ඩ්‍රෝන යානා විකිණීම සඳහා තුර්කිය කැමැත්තෙන් පසුවෙයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තුර්කි තාක්ෂණික කණ්ඩායමක් ඉතා ඉක්මනින් මෙරටට පැමිණීමට නියමිතය.
ඉකුත් දා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුත්ෆු තුර්ගුට් පැවසුවේ, සියලුම ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තම රට සැලසුම් කරමින් සිටින බවය.
තානාපතිවරයා සඳහන් කළේ තුර්කියේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම මෙරටට පැමිණිමෙන් පසුව, ශ්‍රී ලංකා නියෝජිත පිරිසකට ද වැඩිදුර නිරීක්ෂණ කටයුතු සඳහා තුර්කියේ සංචාරය කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවය.
එම ඩ්‍රෝන යානාවල ප්‍රධානතම කාර්යය වන්නේ ආරක්ෂක සහ ඔත්තු බැලීමේ කටයුතු සිදු කිරීම බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd