
ඊශ්‍රායල බන්ධනාගාරවලින් රැඳවියන් පලා යාම වැළැක්වීමේ අරමුණින්, බන්ධනාගාර වට කරමින් දිය අගල් කැණීමටත්, ඒවායේ කිඹුලන් බෝ කිරීමටත් රජය පියවර ගනු ඇතැයි ඊශ්‍රායල පරිසර ආරක්ෂණ අමාත්‍ය ඉඩිට් සිල්මන් පවසයි.
‘වන සතුන්’ ලෙස වර්ගීකරණය කර ඇති කිඹුලන්, ඉදිරියට ‘බෝ කිරීමට යොදා ගන්නා සතුන්’ ලෙස අලුතින් වර්ගීකරණය කිරීමට නියමිත බවත්, බන්ධනාගාරවල ආරක්ෂාවට උන් යෙදවීමට බලාපොරොත්තු වන බවත් පරිසර ආරක්ෂණ අමාත්‍ය ඉඩිට් සිල්මන් පැහැදිලි කර තිබේ.
බන්ධනාගාරවලින් රැදෙවියන් පලා යෑම වැළැක්වීමට කිඹුලන් යෙදවීම පිළිබඳ යෝජනාව ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාවට ඉදිරිපත් කළේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය බෙන් ග්වියර්ය. ඒ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ බන්ධනාගාර සිහි කරමිණි.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ‘දකුණු ෆ්ලොරීඩා බන්ධනාගාරය’, ඇලිගේටර් ඇල්කට්‍රාස් යන නමින් හැඳින්වෙයි. ඒ, රැඳෙවියන්ට පලා යෑමට නොහැකි වන ආකාරයට එය වටා වගුරු බිමේ කිඹුලන් ජීවත් වන බැවිනි.
‘අප නයිල් කිඹුලන් මේ සඳහා යොදා ගන්නවා. මේ වනවිට එය සිදුවන ආකාරය ගැන අප දීර්ඝ වශයෙන් සොයා බැලීමක් කරමින් ඉන්නේ. ඊශ්‍රායල ස්වභාවවිද්‍යා සහ උද්‍යාන අධිකාරිය මේ සම්බන්ධයෙන් අප සමග එක්වී කටයුතු කරනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ අප සමග මේ කටයුත්තට සම්බන්ධ වී සිටිනවා. බන්ධනාගාරවලින් පලා යෑමට පෙර, රැඳෙවියන්ට දෙවරක් ඒ ගැන සිතන්න වේවි’ යැයි ඊශ්‍රායල පරිසර ආරක්ෂණ අමාත්‍ය ඉඩිට් සිල්මන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගත් හමාස් සටන්කාමීන් රඳවා සිටින දකුණු ඊශ්‍රායලයේ ‘කෙට්සියොට්‘ බන්ධනාගාරය වටා පළමුවෙන් දිය අගල් කැණීම් කර කිඹුලන් බෝ කිරීම සිදුවනු ඇති බව අමාත්‍ය බෙන් ග්වීර් පැහැදිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd