චීනයේ පාලක කම්කරු පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක්, උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට ගොස්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවූහ. 

එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ වැංග් හනිංග්ය. චීනයේ පාලක කම්කරු පක්ෂයේ සිවුවැනි ඉහළ නිලධාරියා ලෙස සැලකෙන්නේ වැංග් හනිංග්ය.

චීනය සහ උතුරු කොරියාව අත​රේ පවතින මිතුදම් කිසිම හේතුවක් නිසා පළුදු නොවන බවත්, සදාකල් එම සබඳතා ශක්තිමත්ව පවතිනු ඇති බවත් වැංග් හනිංග් නායක කම් ජොන් උන් හමුවේ අවධාරණය කළේය.

චීන නියෝජිත කණ්ඩායම, උතුරු කොරියාව බලා ගියේ උතුරු කොරියාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙම නියෝජිත කණ්ඩායම උතුරු කොරියාව බලා පැමිණි බව වාර්තා වේ.

පසුගිය ජූනි මාසයේ, චීන ජනාධිපති ෂී ජින්පින්, යොංග්යැංග් අගනුවරට ගොස්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවිය. 
එහිදී ඇති කරගත් එකගතා සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, මෙම නියෝජිත කණ්ඩායම යොංග්යැංග් බලා පැමිණි බව වාර්තා වේ.